ලෝකේ අනිත් අය විශ්‍රාම යන හැටි සහ ලංකාවේ දුම්රිය දෙපාර්තමේන්තුවේ අය විශ්‍රාම යන හැටි

Date:

ලෝකෙ අනිත් හැම ආයතනෙකම කවුරු හරි විශ්‍රාම යන හැටි –

පොර විශ්‍රාම යනවා කියලා සෑහෙන කාලෙකට කලින් ඉදන් ආයතනෙ උන් දන්නවා.
ඒ තනතුරට කලින්ම අලුත් එකෙක්ව ගන්නවා.
සමහර වෙලාවට විශ්‍රාම යන ඩෑල් එක අලුත් පොරට වැඩ ටිකත් කියලා දෙනවා.
පස්සෙ ඔෆිස් එකේ ඔක්කොම සල්ලි එකතුකරලා, පොඩි පාටියක් එහෙම දීලා, පොර ගැන ගුණ කතනයක් එහෙම කරලා, පොඩි තෑග්ගක් එහෙමත් දීලා යවනවා.


ලංකාවේ දුම්රිය දෙපාර්තමේන්තුවෙ උන් විශ්‍රාම යන හැටි –

“බ්‍රෑම්ම්… බ්‍රෑම්ම්… බ්‍රෑම්ම්…”
“හෙලෝ…”
“හෙලෝ සර් ගුඩ් මෝනින්…”
“අහ් ගුඩ් මෝනින්… කියනවා…”
“සර් අද ඉදන් මං වැඩට එන්නෑ කියන්න ගත්තෙ…”
“වැඩට එන්නෑ…. ඒ මොකද…?”
“මං පැන්ෂන් යනවනෙ සර්…”
“පැන්ෂන් යනවා… කවද ඉදන්ද…?”
“අද ඉදන්…”
“(NATAKO වොයිස් එකෙන්) සිරාවට……. එතකොට තමුසෙගෙ වැඩ ටික කරන්නෙ කවුද…?”
“මං දන්නෑ… කාවහරි ගන්න වෙයි අලුතෙන්…”
“ඕයි මේ හදිස්සියෙ කාවද ගන්නෙ…”
“එහෙනම් මං කියන්නද සර්… අලුත් කාවහරි ගන්නකම් අපි දුම්රිය වාර ටිකක් අවලංගු කරමු…”
“අඩේ… නියම අයිඩියා එකක්නෙ අයිසෙ… තමුසෙ වගේ බුද්ධිමත් මනුස්සයෙක් විශ්‍රාම යන එක අපේ දෙපාර්තමේන්තුවටම පාඩුවක්…”
“මං දන්නවා සර්…”
“හරි හරි… හැපි රිටයමන්ට් එහෙනම්…
“තැන්ක් යූ සර්…”

~ සචින්ත ප්‍රමෝද්

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...

ජපානයේ ටෝකාරා දූපත් සති දෙකක් තුළ භූමිකම්පා 900 කට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සති දෙක...

මේ බොරුකාර, අකාර්යක්ෂම රජය දුන් පොරොන්දු ඉටු කරන්න බැරිව ජනතාව මංමුලාකරලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල දුර්වල, අකාර්යක්ෂම, බොරුකාර, රැවටිලිකාර වත්මන් රජයේ...

චරිත්ගෙන් නායකත්වයේ ඉණිමක්

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: ශ්‍රී ලංකාව ලකුණු 29...