ෆේස්බුක්, වට්ස්ඇප් වැනි සමාජ මාධ්‍යවල කාලය කන්න එපා – නීල් බණ්ඩාර හපුහින්න

Date:

රාජකාරි කටයුතු කරන අවස්ථාවේදී අත්‍යවශ්‍යම කාරණයකට හැරෙන්නට ෆේස්බුක්, වට්ස්ඇප් වැනි සමාජ මාධ්‍යවල කාලය ගත කිරීමෙන් වලකින්නැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නව ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා පැවසීය.

රාජ්‍ය සේවකයාගේ කාර්යභාරය සේවයට වාර්තා කිරීම, වැඩ නිමකිරීම සහ වැටුප ගැනීම පමණක් නොවන බවද හෙතෙම සඳහන් කළේය.

හපුහින්න මහතා මෙසේ පැවැසුවේ එම අමාත්‍යාංශයේ ඊයේ (02) පෙරවරුවේ වැඩ බාර ගැනීමෙන් අනතුරුව ප්‍රකාශයක් කරමිනි.

ගන්නා වැටුපට සාධාරණයක් ඉටුකරන ලෙස සමස්ත රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලීමක් කරන බව පැවසූ නීල් බණ්ඩාර හපුහින්න මහතා ජනතාවට රාජ්‍ය ආයතනවල රස්තියාදුවීමට කිසිසේත්ම ඉඩකඩ නොසැලසිය යුතු බවද ප්‍රකාශ කළේය.

පුද්ගලියක අංශයේ ඇතැම් ආයතනවල කාර්යාල වේලාව තුළ ජංගම දුරකථන තබාගැනීමට නොදෙන බවත්, අවශ්‍ය වුවහොත් එවැනි පියවරක් ගැනීමට නොහැකිකමක් නැති නිසා මෙය ඒ මට්ටමට ගෙනයාම නොකළ යුතු බවත් හෙතෙම කීවේය.

රාජ්‍ය සේවය යනු ජනතාවට උපරිමයෙන් සේවය සැලසීම බව ඔහු වැඩිදුරටත් පැවසීය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල්ව සිරගත කිරීම : රජයේ කිසිදු මැදිහත් වීමක් හෝ පළිගැනීමක් නෑ – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව රක්ෂිත...

GMOA දීපව්‍යාප්ත වැඩවර්ජනයකට දින නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල ඉල්ලීම් 4ක් මුල්කර ගනිමින් 2025 අගෝස්තු...

CID සහ FCID ට අමතරව PCID නමින් අලුත් ඒකකයක්

සටහන - රුවන් නෙළුගොල්ල අපරාධයකින් උත්පාදිත දේපළ පිළිබඳ විමර්ශනය කිරීම...

ජාතික රෝහලට ඇතුළත් කෙරුණු හිටපු ජනාධිපති රනිල් දැඩි සත්කාර ඒකකයට !

කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ...