රෂිකා හෙන්නායක ජනවාරි 04, කොළඹ (LNW):
පුතුණේ නිදන්න… දසමසක් මා කුස තුළ ගුලිවී… සිටියා මෙන් ඔබ නිදන්න….
සම්මානනීය චිත්‍රපට අධ්යක්ෂ අසෝක හඳගමයන්ගේ තවත් එක් සුවිශේෂී කලා කෘතියක් වන, “රාණි”ඔබ වෙත ගෙනෙන්නේ, ජාත්‍යන්තර සිනමා සන්නාමය ‘Lyca Productions‘ වෙතින්. ඒ ශ්‍රී ලාංකේය සිනමාවට සිය අභිමානවත් සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින් බව කිව යුතුය.
රාණි සිනමා පටයේ පූර්ව ප්රචාරක පටය සේ ම, එහි පළමු පෝස්ටරයත් මේ වෙද්දි නිකුත්ව අවසන් අතර, ජනවාරි 23 වැනිදා සිට දිවයින පුරා සිනමාහල්වලින් සියලු ජනතාවට එය බලා සැනසෙන්නටද අවස්ථාව උදා වනු ඇත.
”මහපොළවට දරාගන්න බැරුව මිනිස්සු
මහමුහුදේ ගිල්ලවද්දි…,
මහමුහුදට, උහුළගන්න බැරුව ඒ අය,
මළ වෙරළට පා කෙරුණා…”
ස්වර්ණා මල්ලවාරච්චි චරිතාංග, ප්‍රවීණ රංගන ශිල්පිනියගේ හීනයක්ද මේ සමඟ සැබෑ වී ඇත. ඒ මාධ්‍යවේදී රිචඩ් ද සොයිසාගේ මවගේ චරිත කතාව පදනම් කර නිර්මාණය කෙරුණ ‘රාණි’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පෙවීමට ඇයට හැකියාව ලැබීම හේතුවෙනි.
චිත්‍රපටයේ පළමු පෝස්ටරය චිත්‍රපටයේ නිෂ්පාදන සමාගම ‘ලයිකා’ ආයතනය විසින් පසුගිය දිනක එළිදැක්වුණ අතර ‘රාණි චිත්‍රපටය’ ගැන බොහෝ සිනමා රසිකයින් බෙහෙවින් බලාපොරොත්තු තබා ඇත.
‘රාණි’ සම්මානනීය චිත්‍රපට අධ්යක්ෂ අශෝක හඳගමගේ සිනමා නිර්මාණයකි.
මේ චිත්‍රපටය තුළ ගැබ්ව ඇති කවුද මේ රිචඩ් ද සොයිසා ?
නළුවෙකු සේ ම නිවේදකයෙකු, මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු ,ලේඛකයෙකු යනාදී බහුවිධ භූමිකාවන් තුළින් එකළ නමක් දිනා සිටි චරිතයක් වන ඔහු 1990 වසරේ පෙබරවාරි 18 වැනි දා ඔහුව පැහැරගැනීමට ලක්වන අතර, පැහැරගෙන ගිය ඔහුගේ ප්‍රාණය නිරුද්ධ සිරුර පසුදා එනම් පෙබරවාරි 19 වැනිදා මොරටුව කොරලවැල්ල මුහුදු තීරයෙන් හමුවූ බව කියැවෙනවා.
‘වෛද්‍ය මනෝරාණී සරවනමුත්තු’ කියන්නේ, ඝාතනය කෙරුණු රිචඩ් ද සොයිසාගේ, ආදරණීය මවයි.සිය පුතුගේ මරණයෙන් පසු ඇය යුක්තිය සොයා යන ගමන කාගෙත් අවදානය දිනූවක්.ඇය පුත්‍රයා වෙනුවෙන් තනි අරගලයක යෙදෙනවා. පසුව ඈ ‘මව්වරුන්ගේ පෙරමුණ’ මැයෙන් පෙරමුණක් ද නිර්මාණය කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කරනවා.ඒ, සිය පුතු වන රිචඩ් ද සොයිසාට සමාන ඉරණමක් අත්වූවන් වෙනුවෙන්.
එයාකාරයෙන් අවදි කළ ඇගේ හඬ ‘රාණී’ මෙලෙස තිළිණ වන අතරේ, මේ කතාව තුළ විශාල දේශපාලන සහ සමාජීය කතාබහක් අන්තර්ගත වබ බවද කිවයුතුය. හදවත තුළැට ගැබුරින් දැනෙනා වේදනාව මුසුවූ අමුතු හැඟීම ජනවාරි 23 සිට ඔබටත් විදගන්නට හකිවෙනු ඇත.
සාගරය කලම්භා උදම් රළ නැග එන්න…සයුරු තළ රළ සමඟ නුඹේ නිසසල සිරුර..වෙරළ වෙත ඇදී එයි ජීවිතයෙ පෙකණි වැළ… සිදුනු බව සිහිකරන් වැල්ල සිබ සැනසෙන්න….පුතුණේ නිදන්න…