ගුවන් ප්‍රහාර නිසා දින දෙකක් තුළ ගාසා තිරයේ 170ක් ඝාතනය වෙයි.ඉන්දුනීසියානු රෝහලත් ඉවත් කරගන්නා ලෙස ඊශ්‍රායලයෙන් බලපෑම්!

Date:

කොළඹ LNW:ඊශ්‍රායලය විසින් පසුගිය දින දෙක තුළ උතුරු ගාසා තීරයට එල්ල කරන ලද ගුවන් ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 170ක් ඝාතනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යුද්ධයෙන් අවතැන් වූවන් රඳවා සිටින කඳවුරු ඉලක්ක කරගනිමින් එම ප්‍රහාර එල්ල කර තිබෙන අතර විශේෂයෙන් ගාසා තීරයේ සෞඛ්‍ය සේවා සම්පූර්ණයෙන් අඩපණ කිරීම ඊශ්‍රායලයේ අරමුණ වී තිබෙන බව හැඟී යන බවද ඇමිනෙස්ටි ඉන්ටර්නැෂනල් පවසා තිබේ.

මේ අතර උතුරු ගාසා තීරයේ පවත්වාගෙන යන ඉන්දුනීසියානු රෝහලද ඉවත්කරගන්නා ලෙස ඊශ්‍රායලය බලපෑම් කර ඇත. ගැටුම් ආරම්භ වූ 2023 ඔක්තෝම්බර් සිටම එම රෝහලටද වරින් වර ප්‍රහාර එල්ල වී තිබුණි.

කෙසේවෙතත් පලස්තීන වාර්තා පෙන්වාදෙන පරිදි නේවාසික ප්‍රතිකාර අවශ්‍ය සැලකිය යුතු පිරිසක් එහි ප්‍රතිකාර ලබන හෙයින් එම රෝහල ඉවත්කරගැනීමේ හැකියාවක් නොමැති තත්ත්වයකටද පත්ව තිබේ.

පවතින තත්ත්වය මත එම රෝහලද ඉලක්ක කරගෙන ඊශ්‍රායලය ප්‍රහාර එල්ල නොකරනු ඇතැයි විශ්වාස කළ නොහැකිය.

ගාසා තීරයේ සෞඛ්‍ය සේවාව අඩපණ කීරීමේ ඊශ්‍රායල අරමුණ පිටුපස ගාසාහි සමූල ඝාතන චේතනාව ඊශ්‍රායලය තවදුරටත් ඉවත්කරගෙන නොමැති බව තහවුරු වී තිබෙන බවයි තත්ත්වය විශ්ලේෂණය කරමින් විශේෂඥයින් පවසා ඇත්තේ.

ඒ අනුව ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා හි ඊයේ (03) පස්වරුව වන විට 45,658ක් පුද්ගලයින් ඝාතනය වී තිබෙන බවද පලස්තීන වාර්තා පවසා සිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 බංග්ලාදේශ මැතිවරණය: BNP පක්ෂයේ ජයග්‍රහණය සහ නව රජය

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2024 වසරේ ඇති...

මහාචාර්ය තිස්ස විතාරණ අභාවප්‍රාප්ත වෙයි!

කොළඹ LNW:ලංකා සම සමාජ පක්ෂයේ නායක හිටපු අමාත්‍යවරයෙක් වූ...

හිටපු RMV නියෝජ්‍ය කොමසාරිස්වරියක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : මුදල් අමාත්‍යාංශයේ වෙළද...

මීළඟ උතුරු කොරියානු නායකත්වයේ උරුමය කිම් ජොන් උන් ගේ දියණියටද?

සටහන – පුලී පෙබරවාරි 13, LNW (කොළඹ):  උතුරු කොරියානු නායක...