පොළේ ගිහින් ආණ්ඩුව පතුරු ගැසූ සුසිල් ඇමතිධුරයෙන් දොට්ට

0
597

වහාම ක්‍රියාත්මක වන පරිදි සුසිල් ප්‍රේම්ජයන්ත මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව ඇමතිවරයා ධුරයෙන් ඉවත් කර තිබෙනවා.

සුසිල් ප්‍රේම්ජයන්ත මහතා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

ප්‍රේම්ජයන්ත මහතා පසුගියදා මාධ්‍ය හරහා ආණ්ඩුව දැඩිලෙස විවේචනය කර තිබිණි.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here