යන්න යන සුසිල් කොරහත් බිඳගෙනම යයි! (VIDEO)

Date:

විධායක බලතල අනුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාව වහාම ක්‍රියාත්මක වන පරිදි එම රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කළ අතර ඒ ගැන අමාත්‍යාංශයෙන් පිටවීමට පෙර ප්‍රේම්ජයන්ත් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියේය.

මෙම ඉවත් කිරීම ගැන පූර්ව දැනුම් දීමක් සිදුකර නොතිබුණු අතර විධායක බලතල අනුව එලෙස දැනුවත් කිරීමක් අවශ්‍ය නැති බවත් තමන් ද එය දැනගත්තේ මාධ්‍යයෙන් බවත් ප්‍රේම්ජයන්ත් මහතා කියාසිටියේය.

මෙම ඉවත් කිරීමේ විශේෂත්වය වන්නේ මීට පෙරද ආණ්ඩුව තුළ සිටිමින් ආණ්ඩුව විවේචනය කරන ලද කැබිනට් ඇමතිවරු පවා සිටියදී ප්‍රථමයෙන් සුසිල් ප්‍රේම්ජයන්ත් රාජ්‍ය අමාත්‍යවරයාව ඉවත් කිරීමය.

අධ්‍යාපන සුදුසුකම් අනුව කම්කරු රැකියාවකට හෝ සුදුසුකම් නොමැති අයට පාර්ලිමේන්තුවේ වගකීම් භාරදී ඇති පසුබිමක එවන් අයට අධ්‍යාපනයේ වටිනාකම නොතේරෙන බවයි මෙහිදී ප්‍රේම්ජයන්ත් මහතා සඳහන් කළේ.

මෙම සිදුවීම තමන්ගේ දේශපාලන අනාගතයට ආශිර්වාදයක් බවද ඔහු ප්‍රකාශ කරන ලදී.

ජනාධිපතිවරයා විසින් මෙවැනි තීන්දුවක් ගනු ඇති බවට යම් විශ්වාසයක් තිබුණේද යන්න පිළිබඳ කළ විමසීමට පිළිතුරු දෙමින් හෙතෙම පැවසුවේ මෙවැනි තීන්දුවක් නොගත්තා නම් එයම ප්‍රශ්නයක් වන බවයි.

රටේ ආර්ථිකය සහ සෙසු කටයුතු මෙහෙයවන ආකාරය අනුව කුමන දිශාවකට ගමන් කරන්නේ ද යන්න පැහැදිලි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...