2026 මෙවර නොබෙල් සාම ත්‍යාගය නවනීදන් පිල්ලේට පිරිනැමේ

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 09 :
දකුණු අප්‍රිකානු නීතිවේදිනියක සහ මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන නවනීදන් “නවි” පිල්ලේ මෙවර 2026 නොබෙල් සාම ත්‍යාගය සඳහා නිර්දේශ වී තිබේ.

ශ්‍රී ලංකාවේ යුද්ධය 2009 වසරේ අවසන් වීමෙන් පසු, යුද්ධයේ අවසන් අදියරේදී සිදුවූ බවට චෝදනා එල්ල වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, අතුරුදන්වීම් සහ වගවීම පිළිබඳ ගැටලු සම්බන්ධයෙන් පිල්ලේ ගෙන ගිය මතවාදය වඩාත් කතාබහට ලක් වූ අතර 2013 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වූ ඇය, යුද්ධයෙන් පීඩාවට පත් ජනතාව සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් හමුවූ අතර, රජයේ නියෝජිතයන් සමඟ ද සාකච්ඡා පැවැත්වූවාය. යුද්ධයෙන් පසු සැබෑ සංහිඳියාවක් ඇති කිරීම සඳහා මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ වගවීම තහවුරු කිරීම අත්‍යවශ්‍ය බව ඇය අවධාරණය කළාය.

 මෙහිදී නවනීදන් පිල්ලේ ජාත්්‍යන්තරික ප්‍රජාව වෙත ප්‍රකාශ කර තිබුනේ, රුවන්ඩාව, බොස්නියාව, පලස්තීන ප්‍රදේශ, කොංගෝව, මාලි, සුඩානය සහ සිරියාව ද විවේචනය කළ අතර, ඉරාකයේ සහ ශ්‍රී ලංකාවේ බරපතල මානව හිමිකම් උල්ලංගණය කිරීම් සිදුව ඇති බවත් දඬුවම් ලැබිය යුත්තන් බරපතල අපරාධ සහ මානව හිමිකම් උල්ලංගණය කිරීම් වලට දඩුවම් නොලබා නීතියේ රැහැනින් මිදී සිටින බවයි.

2008 සිට 2014 දක්වා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය ලෙස සේවය කළ පිල්ලේ මහත්මිය, ඊට පෙර දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදයට එරෙහිව නීතිමය වශයෙන් පෙනී සිටි අතර, රුවන්ඩා ජන සංහාරයට අදාළ ජාත්‍යන්තර අපරාධ විනිශ්චය මණ්ඩලයේ විනිසුරුවරියක ලෙස ද කටයුතු කළාය.

ජයග්‍රාහකයා ඉදිරිපත් කරමින් නොබෙල් සාම කමිටුවේ ජෝර්ගන් වොට්න් ෆ්‍රයිඩ්නස් ප්‍රකාශ කර තිබුණේ, 2026 සඳහා නොබෙල් සාම ත්‍යාගය, සුවිශේෂී ධෛර්යයෙන් හා අඛණ්ඩතාවයෙන් යුතුව, වඩාත් පුළුල් ගෝලීය නීති පිළිවෙලක් කරා මඟ පෙන්වූ පුද්ගලයෙකුට හිමි වේ. මෙම වසරේ සම්මානලාභියා යුද අපරාධ, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ ජන සංහාරයට නඩු පැවරීම සහතික කිරීම සඳහා උපකාරී වී අැති බවත් සාමය සහ ජාත්‍යන්තර නීතිය ප්‍රවර්ධනය කිරීම සඳහා ඇය දැරූ උත්සාහයන් වෙනුවෙන් නෝර්වීජියානු නොබෙල් කමිටුව 2026 සඳහා නොබෙල් සාම ත්‍යාගය නවනීදම් “නවි” පිල්ලේට පිරිනැමීමට තීරණය කර ඇති බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රු. බිලියන 13.8ක වංචාවට සුදු හුණු ගෑමට ශ්‍රී ලංකා මහ බැංකුවට ඉඩ නොදිය යුතුය – ආචාර්ය හර්ෂ

ස්වාධීන බැංකු කරුවෙකු විසිනි. ජාතික සංවර්ධන බැංකුවේ (NDB) සිදුවූ මෙම...

පාදුක්ක දුම්රිය ස්ථානයට සම්මානයක්!

කොළඹ LNW:කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය මගින් මෙහෙයවන ලද...

යුක්රේන යුද්ධය මධ්‍යයේ යුරෝපයට ගෑස් අලෙවි කිරීමට ඇමෙරිකාව සහ රුසියාව අතර සාකච්ඡා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 09 : යුක්‍රේන...

හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් අභියාචනා පෙත්සමක්!

කොළඹ LNW:හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක්...