පාදුක්ක දුම්රිය ස්ථානයට සම්මානයක්!

කොළඹ LNW:කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය මගින් මෙහෙයවන ලද ජාතික ඵලදායිතා මහ ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද ජාතික ඵලදායිතා සම්මාන 2025 /2026 පාදුක්ක දුම්රිය ස්ථානය රාජ්‍ය අංශයේ කුසලතා සම්මානයක් දිනා ගැනීමට හැකිවී තිබේ.

රාජ්‍ය ආයතන රාශියක් මෙම රාජ්‍ය සම්මාන උලෙළට අයඳුම්පත් යොමු කොට තිබූ අතර එහිදී පාදුක්ක දුම්රිය ස්ථානය රාජ්‍ය අංශයේ කුසලතා සම්මානයක් දිනා ගනිමින් එවැනි සම්මානයක් ලබාගත් ප්‍රථම දුම්රිය ස්ථානය ලෙස තේරී පත්ව ඇත.

මෙම දුම්රිය ස්ථානය මීට පෙර ද විවිධ අවස්ථාවන්වල රාජ්‍ය සම්මාන උළෙල සඳහා නිර්දේශ වී සම්මාන දිනා ගැනීමට සමත්වූ අතර එහි කටයුතු අධීක්ෂණය හා දුම්රිය ස්ථානය මනාව කළමනාකරණ කරමින් එම දුම්රිය ස්ථානයේ කාර්යමණ්ඩලය මෙන්ම පාදුක්ක දුම්රිය ස්ථානයේ මහ ජනතාවගේ ද විශේෂ සහයෝගයක් මෙම කටයුතු සඳහා හිමිව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රු. බිලියන 13.8ක වංචාවට සුදු හුණු ගෑමට ශ්‍රී ලංකා මහ බැංකුවට ඉඩ නොදිය යුතුය – ආචාර්ය හර්ෂ

ස්වාධීන බැංකු කරුවෙකු විසිනි. ජාතික සංවර්ධන බැංකුවේ (NDB) සිදුවූ මෙම...

2026 මෙවර නොබෙල් සාම ත්‍යාගය නවනීදන් පිල්ලේට පිරිනැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 09 : දකුණු...

යුක්රේන යුද්ධය මධ්‍යයේ යුරෝපයට ගෑස් අලෙවි කිරීමට ඇමෙරිකාව සහ රුසියාව අතර සාකච්ඡා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 09 : යුක්‍රේන...

හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් අභියාචනා පෙත්සමක්!

කොළඹ LNW:හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක්...