මදුරෝ පණිවුඩය ….

Date:

ඉතාම රහසිගත ලෙස ගොඩබැස්සවිය හැකි ඇමෙරිකාවේ නිෂ්පාදිත ලොක්හීඩ් RQ 170 වර්ගයේ රහස් ඩ්‍රෝන යානා භාවිත කරමින් ඊයේ ට්‍රම්ප් පාලනය විසින් වෙනිසියුලාවේ ‘වාම නැඹුරුවක්’ සහිත ජනාධිපතිවරයෙක් වූ නිකොලස් මදුරෝ පැහැරගනු ලබනවා (මේ වචනය කවුරුත් පාවිච්චි කරන්නේ නැහැ).

ඇමෙරිකාවේ ජනමාධ්‍ය කියන්නේ මදුරෝ ඒකාධිපති කෘර පාලකයෙක් කියල. නමුත් එයා පත්වෙන්නේ ඒ රටේ මිනිස්සුන්ගේ චන්දයෙන්. රටක මිනිස්සු දෙන චන්ද අවුල්ද නැද්ද කියන එක වෙනම කතාවක්.

වෙනිසුයිලාවේ තෙල් සම්පත වගේම මදුරෝගේ චීන සම්බන්දය මේ ආක්‍රමණය සඳහා සඳහා බලපාන්න ඇතිකියල ගොඩක් කට්ටිය කියනවා.

සාමාන්‍යයෙන් පාවිච්චි නොකරන මෙම RQ වර්ගයේ ඩ්‍රෝන යානා ට්‍රම්ප් මෙම මෙහෙයුම සඳහා පාවිච්චි කරනවා (RQ 170 sentinel stealth drone). ඔහු එයින් පණිවුඩ කිහිපයක් ලෝකයට දෙනවා. එකක් තමයි ඇමෙරිකානු තාක්ෂනය සතු අතිශයින් නිවැරදි ඉල්ලකයට ඔත්තු බැලීමේ හැකියාව. සහ ඒ ඔස්සේම ඉතාම නිවැරදි ඉල්ලක වෙත ලඟාවෙමින් අපේක්ෂිත ඉල්ලකය ග්‍රහණය කරගැනීමේ හැකියාව. මෙම යානා දැන් වසර පහළොවක් පමණ පැරණි වුවත් සාමාන්‍ය නිරීක්ෂණවලට හසුවෙන්නේ නැහැ (very low observable aircrafts).

මේක මදුරෝ ගැනම ප්‍රශ්නයකට වඩා තියෙන්නේ වෙනත් හැඟවුමක්. එක අධිරාජ්‍යයක් විසින් තවත් නැගී එන අධිරාජ්‍යයකට දෙන රතු පණිවිඩයක් මේක (red alert).

ඇමෙරිකාව කියන්නේ මෙහෙම දෙයක්.

“අපිට පුළුවන් ලෝකේ ඕනෑම තැනකට ගිහිල්ල ඕනෑම එකෙක් අල්ලගෙන එන්න. ඒකට ඕනි තාක්ෂණ ආධිපත්‍ය අපිට තියනවා. ඒ නිසා පරිස්සමින් හිටපල්ලා!

අනික තමයි අපේ ගෝලීය ඇමෙරිකන් ආධිපත්‍ය දැන් නැතිවෙලා කියල උඹල හිතන්න එපා. ඒක තවම තියනවා.

මේ වගේ වැඩ කරන්න තවමත් පුළුවන් අපිට විතරයි…”

~ මහේෂ් හපුගොඩ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 40කට පසු යළි ගොඩනැගෙන පරන්තන් රසායනික කම්හල!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පරන්තන් රසායනික කර්මාන්තශාලාව වසර 40කට පසුව නැවත...

ආරක්ෂණවාදයෙන් වළකින්නැයි චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලයි!

කොළඹ LNW:වාර්තාවලට අනුව, යුරෝපා සංගම් කොමිසම පසුගියදා(20) සයිබර් ආරක්ෂණ...

ලෝකයේ ඇති නානාප්‍රකාර වර්ණයන් පසෙකලා පැවැති කළු-සුදු ඡායාරූපකරණය!

සටහන – පුලී ජනවාරි 22, කොළඹ (LNW):  අපේ ලෝකය දීප්තිමත්...

ස්වර්ණ ජයන්තිය අවර්ණ කිරීම

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: කුමන හෝ ක්‍රියාවලියකදී ස්වර්ණ...