ලිට්‍රෝ ගෑස් ලංකා, ජාතික වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙලේදී මෙවරත් විශිෂ්ටත්වයට පා තබයි!

Date:

සටහන – නිපුනි ලියනගේ

ජනවාරි 05,
කොළඹ (LNW):ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ ගමන් මඟෙහි සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් 2023 ජාතික වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙලේදී නැවතත් ජයග්‍රාහකයෙක් වෙයි.

හොඳම ආරක්ෂක යාත්‍රා කළමනාකරණ පද්ධතිය, නිෂ්පාදන (කුඩා/මධ්‍යම අංශය) සහ වෙනත් (කුඩා/මධ්‍යම අංශය) කාණ්ඩ යටතේ මෙහි දී ඇඟයීමට ලක් විය.

ආරක්ෂාව සහ විශිෂ්ටත්වය සඳහා ලිට්‍රෝ ගෑස් හි නොසැලෙන කැපවීම මෙහිදී මනාව පිළිබිඹු විය.

“ආරක්ෂාව සහ විශිෂ්ටත්වය සඳහා අපගේ නොසැලෙන කැපවීම අවධාරණය කරන මෙම ගෞරවනීය සම්මාන ලබා ගැනීම ලිට්‍රෝ ගෑස් ලංකා කණ්ඩායමට මහත් ගෞරවයක් වගේම සමස්ත ලිට්‍රෝ පවුලේ සාමූහික කැපවීම සහ නොපසුබට උත්සාහය පිළිබඳ සාක්ෂියකි. සියලුම මෙහෙයුම් හරහා ආරක්ෂාවට ප්‍රමුඛත්වය දීම සහ අපගේ වටිනා පාරිභෝගිකයන් වෙත විශ්වාසනීය නිෂ්පාදන අඛණ්ඩව ලබා දීමේ අපගේ මෙහෙවරෙහි අපි නොසැලී සිටිමු.” යනුවෙන් එහිදී ලිට්‍රෝ ගෑස් ලංකා හි සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ ය.

මෙම සම්මාන මඟින් ලිට්‍රෝ සමාගමේ සියලුම මෙහෙයුම් හරහා ඉහළම ආරක්‍ෂිත ප්‍රමිතීන් පවත්වා ගැනීමට සමාගමේ කැපවීම යළිත් තහවුරු කෙරේ.

ආරක්ෂාව පිළිබඳ නිර්දය අවධානයක්, විශිෂ්ටත්වය සඳහා කැපවීමක් සමඟින්, ලිට්‍රෝ ගෑස් ලංකා ජාතික වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙලේදී මෙලෙස සාර්ථකත්වයට භාජනය විය.


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 බදු අදායම් ඉලක්කය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2026 වසරේ රජයේ බදු ආදායම් ඉලක්කය රු....

වයසට අභියෝග කරන හොලිවුඩයේ ජීවමාන පුරාවෘත්තයන්!

සටහන – පුලී ජනවාරි 19, කොළඹ (LNW):ලෝකයේ කීර්තියට පාත්‍ර වූ...

අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාට අවසන් ගෞරවය දැක්වීමට විපක්ෂ නායකවරයා එක්වෙයි

නන්දන ගුණතිලක මහතාගේ හදිසි වියෝව හා අභාවය සම්බන්ධයෙන් තමා...

වැලිකඩ බන්ධනගාරයෙන් හමුවූ ජංගම දුරකතන CIDට!

රෂිකා හෙන්නායක ජනවාරි 19 ,කොළඹ LNW : බන්ධනාගාර බුද්ධි අංශය...