අපි හැමදේම කරන්නෙ දරුවො ගැන හිතලා – අගමැති

Date:

කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීම අද (06) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ආණ්ඩුව සියලු තීරණ ගන්නේ රටේ දරු පරපුරට සුරක්ෂිත අනාගතයක් උදා කිරීම සඳහා බවයි. දරුවන්ගේ දක්ෂතා අගය කරමින් ඔවුන්ට ඉදිරියට යාම සඳහා අවශ්‍ය පහසුකම් සැළසිය යුතු බවත් හැමවිටම දරුවන් දිරිමත් කළයුතු බවත් අගමැතිවරයා පවසනවා.

කොවිඩ් වසංගතයත් සමග වෙනදාටත් වඩා දරුවන් අධ්‍යාපන කටයුතු සඳහා නවීන තාක්ෂණය භාවිතා කරන බව පෙන්වා දෙන මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ හොඳට සේම නරකටද තාක්ෂණය ඉවහල් වන බවයි. ඒ නිසා නිවැරදි දේ සඳහා පමණක් තාක්ෂණය භාවිතා කිරීම දරුවන්ගේ මෙන්ම දෙමව්පියන්ගේ සහ ගුරුවරුන්ගේද වගකීම බව රාජපක්ෂ මහතා පවසනවා.

අධ්‍යාපනය සඳහා වෙන කවරදාටත් වඩා මෙම වසරේදී ප්‍රතිපාද වෙන්කර ඇති බව සිහිපත් කළ අගමැතිවරයා, ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ගැටලුවද කඩිනමින් විසඳීමට පියවර ගත් බවද සඳහන් කරනවා.

ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන රටටත් ජනතාවටත් වැඩදායී පුරවැසියන් බවට පත්වීම දරුවන්ගේ වගකීමක් බවද මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

මෙම අවස්ථාවට සමගාමීව මලියදේව බාලිකා විද්‍යාලයට වසර 75 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් රුපියල් 25 ක් වටිනා විශේෂ සමරු මුද්දරයක් නිකුත් කිරීමද සිදු කෙරිණි.

විද්‍යාලයේ මාධ්‍ය ඒකකය සඳහා අඩුපාඩුවක්ව පවතින කැමරා උපකරණ ලබාදීම සඳහා මැදිහත් වන බවටද අගමතිවරයා මලියදේව බාලිකාවන්ට පොරොන්දු විය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...