*
Friday, March 29, 2024
spot_img

Latest Posts

ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගිවිසුමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගිවිසුමට එරෙහිව ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොණුකර තිබේ.

එහි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා,මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා සහ බලශක්ති අමාත්‍යවරයා ඇතුලු පාර්ශව 47 ක් නම් කර ඇත.

ඊයේ රාත්‍රියේ අත්සන් තබන ලද අදාළ ගිවිසුම බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි එම පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අදාළව ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් ප්‍රයිවට් ලිමිටඩ් නමින් සමාගමක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණු අතර මෙහිදී ලංකා ඛණිජ තෙල් සංස්ථාවට තෙල් ටැංකි 24 ක්ද, IOC සමාගමට ටැංකි 14 ක්ද ව්‍යාපාර කටයුතු සඳහා වෙන් කිරීමට නියමිතයි.

ඉතිරි ටැංකි 61 හි කොටස් 51%ක් ක් ලංකා ඛණිජ තෙල් සංස්ථාවටත් ඉතිරි කොටස් 49%ක් ලංකා අයි ඕ සී සමාගමටත් හිමිවන ලෙස හවුල් ව්‍යාපාරයක් ලෙස වසර 50කට බදු දීමට නියමිත බවයි මේ සම්බන්ධයෙන් උදය ගම්මන්පිල අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙය ඛනිජ තෙල් සංස්ථාවේ පූර්ණ පාලිත සමාගමක් ලෙස ක්‍රියාත්මක බවද අමාත්‍යවරයා පවසන ලදී.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan