අයිසීසී ක්‍රීඩක සම්මාන උළෙලේ කැපී පෙනෙනම ක්‍රීඩිකාව චමරි

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 08 කොළඹ (LNW): මේ වසරේ අයිසීසී ක්‍රීඩක සම්මාන ප්‍රදානයේ කාන්තා ක්‍රිකට් අංශයේ වැඩිම ගෞරවය මේ වන විටත් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තුට හිමි වි ඇත.ඒ ඇය සම්මාන තුනක් සඳහා නිර්දේශ වී තිබීම සහ සම්මාන තුනකට නිර්දේශ වූ එකම ක්‍රීඩිකාව ද චමරි වීම නිසාය.

ඇය වසරේ ක්‍රීඩිකාව ලෙස නිර්දේශ වී ඇති අතර එහිදි ඇය සමඟ යෝජනා වි ඇති ඉතිරි තිදෙනා වන්නේ ඔස්ට්‍රේලියාවේ ඇෂ්ලි ගාඩ්නර් සහ බෙත් මූනි සමඟ එංගලන්තයේ නැට් ස්කිවර් බ්‍රන්ට් ය.එසේම චමරි වසරේ හොඳම එක්දින ක්‍රීඩිකාව හැටියට ද නිර්දේශ වී සිටින අතර ඇය සමඟ නිර්දේශිත සෙසු නම් අතර ගාඩ්නර් සහ ස්කිවර් බ්‍රන්ට් සිටින අතර ඊට අමතරව ඕස්ට්‍රේලියාවේ ඇමෙලියා කෝර් ද සිටින්නීය.විස්ස්යි විස්ස තරග අංශයේ දී හොඳම ක්‍රීඩිකාව වන්නට චමරිට තරගයක් දෙන්නට ඉදිරිපත් වී සිටින්නියන් වන්නේ එංගලන්තයේ සොෆ් එක්සෙල්ස්ටෝන්,බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හේලි මැතිව්ස් සහ ඕස්ට්‍රේලියාවේ එලියිස් පෙරී ය.

ඇය මෙවර බිග්බෑෂ් විස්සයි විස්ස ලීගයේද දක්ෂතම ක්‍රීඩිකාව වූ අතර නමුත් එසේ වී තිබියදී පවා ඉන්දියානු කාන්තා විස්සයි විස්ස තරගාවලියේදී ඇයගේ නම වෙන්දේසියේදී ප්‍රතික්ෂේප විය.තත්ත්වය එසේ තිබියදී ඉන්දියාවේ කිසිදු ක්‍රීඩිකාවක මේ සම්මාන සඳහා නිර්දේශව නැත.එහෙත් මේ සම්මාන උළෙලේ දී වැදගත් වන්නේ ජනතා මනාපය බැවින් චමරි වෙනුවෙන් මනාපය පළ කළ හැකි සබැඳියාව මේ සටහන අඟට අමුණන අතර එ් ඔස්සේ ගොස් වසරේ නැඟී එන ක්‍රීඩක සම්මානයකට නිර්දේශ වී සිටින ඩිල්ෂාන් මධුශංක ට ද ඔබට මනාපය පළ කිරීමට හැකියාව ඇත.

මෙහිදී මනාපය පළ කිරීමේදි මනාප එක,දෙක සහ තුන ලෙස මනාපය පළ කිරීමට අවස්ථාව ඇති අතර පළමු මනාපය පළ කිරීමේදී ලකුණු 3 ක් ද,දෙවැන්නට දෙකක් ද සහ තෙවැන්නට එකක් ලෙස හිමිවන බව චමරිගේ සහ ඩිල්ෂාන්ගේ ජයග්‍රහණ සඳහා මනාපය පළ කරන්නන් දැනුවත්ව සිටිය යුතුය.

ICC Awards 2023 | ICC (icc-cricket.com)

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

PSTA සහ POCA පනත් ගේන ඕනෑම මොහොතක අපි පාර්ලිමේන්තුව වටළනවා – වසන්ත මුදලිගේ

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කරන "ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ...

අද (30) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 30) දිනයේදී බස්නාහිර සහ...

හෝමාගම තරුණයාගේ මරණය හුදෙකලා සිද්ධියක්. ශ්‍රී ලංකා පොලීසියට චෝදනා කිරීම වැරදියි – ඇමති ප්‍රසන්න

හෝමාගම පොලිස් ස්ථානය තුළ සිදුවූ පරදීමකින් සැකකරුවකු මියයාම හුදෙකලා...

කොළඹ කොටස් වෙළඳපොලේ ASPI යළිත් ඒකක 20,000 ඉක්මවා ඉදිරියට

සටහන - රුවන් නෙළුගොල්ල පසුගිය දිනවල යම් පසුබෑමක් පෙන්නුම් කරමින්...