*
Tuesday, May 7, 2024
spot_img

Latest Posts

මටත් පුළුවන්. හැබැයි තාම පරිණත මදි – ගම්මන්පිල

කොළඹ LNW:ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් පවත්වා පරාජිතව සිටි මොහොතක නොසිතූ අයුරින් ලැබුණු ජනාධිපති ධුරයේ කාලය අඩු කරගැනීමට තරම් රනිල් වික්‍රමසිංහ මහතා මෝඩ නොවනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසුවේය.

ඒ, අද (08) පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවේදීය.

කෙසේවෙතත් ඊළඟ ජනාධිපතිවරණය පරාජය වන බව වික්‍රමසිංහ මහතා ද හොඳින්ම දන්නා බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

”අපි වත්මන් ජනාධිපතිට අදාළ උදාහරණය ගමුකෝ. 2001 දී පාර්ලිමේන්තුවේ බලය රනිල් මහතා අත්පත් කර ගත්තාම ජනතාවට පත් කළ ජනාධිපතිනි අකර්මන්‍ය වලා රටේ පාලනය රනිල් අතට ගියා. 2002 පෙබරවාරි කොටින් එක්ක සාම ගිවිසුම අත්සන් කලේ රනිල්. 2003 ජුනි මාසයේ ලෝක ආධාර සමුළුව පැවැත්වූයේ රනිල්.

චන්ද්‍රිකාට තිබුණේ බලා ගෙන ඉන්න විතරයි. ඒ නිසා පාර්ලිමේන්තු මැතිවරණය කලින් පැවැත්තුවොත් තමන්ගේ ජනාධිපති බලයක් එදා ඉඳන් ඉවරයි කියලා ජනපති රනිල් අත්දැකීමෙන්ම දන්නවා. ඒ නිසා ජනාපතිවරණයට කලින් පාර්ලිමේන්තු මැතිවරණය පවත්වනවා කියන්නේ රනිල් දේශපාලන වශයෙන් සිය දිවි හානි කර ගන්නවා කියන එකයි.

ජනාධිපතිවරයා හොදින්ම දන්නවා ඊළඟ ජනාධිපතිවරණය ආණ්ඩුව පරදිනවා. 1994 සිට ජනපති වෙන්න දැරූ සියළු උත්සාහයන් අසාර්ථක වෙලා පරාජිතව ඉන්න අතරේ නොසිතූ මොහොතක නොසිතූ විධියකට ජනපති ධූරය රනිල් මහත්තයාගේ හිස මත කඩා වැටුණා. අහම්බෙන් ලැබුණු ජනපති ධූරයේ බලය උපරිමයට භුක්ති විඳිනවා මිස ඒකේ කාලය කෙටි කර ගන්න තරම් රනිල් මහතා මෝඩ වේවි කියලා අපි නම් හිතන්නේ නෑ.”

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තමන්ට නිශ්චිත අදහසක් නොමැති අතර මැතිවරණය ආසන්න වන විට ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි ගම්මන්පිල මහතා පැවසුවේ.

තමන්ටත් මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට සුදුසුකම් ඇති නමුත් තවමත් ඊට පරිණත මදි බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මේ අතර ඉදිරියේදී මැතිවරණය සඳහා පුළුල් සන්ධානයක් ගොඩනගන බවද ඔහු අවධාරණය කළේය.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan