ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගට දැන්වත් සාධාරණයක් ඉටු විය යුතුයි – සජිත් ප්‍රේමදාස

මීට වසර 15කට පෙර කුරිරු ලෙස ඝාතනය කරන ලද ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාට යුක්තිය ඉටු කරන බවට පසුගිය වසර කිහිපයේම මැතිවරණ සමයේ විවිධ දේශපාලනඥයන් පොරොන්දු වුවත්, එම දේශපාලන නායකයන් ලසන්ත වික්‍රමතුංග මහතාට සහ එම පවුලට ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් එම යුතුකම ඉටු නොකළ බවත් එය ලැජ්ඡා සහගත බවත් විපක්ෂ නායකවරයා කියා සිටී.

සිය ජීවිත කාලය තුළ ප්‍රශස්ත ප්‍රබුද්ධ මාධ්‍යවේදියකු ලෙස සුවහසක් ජනතාවට සත්‍ය සහ ඇති තතු හෙළි කරන්න කටයුතු කළ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුට ඔහුගේ ජීවිතය පුජා කරන්න සිදු වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම වත්මන් ජනාධිපතිවරයාව, ජනාධිපති කිරීමට විවිධ අවස්ථාවල දී විවිධ දායකත්වය ලබා දුන් ලසන්ත වික්‍රමතුංග මහතාට සහ ඔහුගේ පවුලට සාධාරණයක් ඉටු කිරීම සඳහා ඔහුගේ ඝාතකයන් සම්බන්ධයෙන් අපක්ෂපාතී විමර්ශනයක් සිදු කර ඔවුන් නීතිය හමුවට ගෙනවිත් යුක්තිය සහ සාධාරණත්වය ඉටු කර දෙන ලෙසත් නීතියේ ආදිපත්‍ය සුරකීම ජනපතිගේ වගකීම බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අදට (8) යෙදී ඇති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ 15 වැනි ගුණසමරුව නිමිත්තෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2027 අයවැය : සංවර්ධනයට මුල් තැන

රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ LNW: 2027 වසරේ සංවර්ධන අරමුදල්...

2027 අයවැය : මාර්ග සංවර්ධනයට බිලියන 487ක්

දුම්රිය මාර්ග ද ඇතුළුව මෙරට මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම...

මෑත ඉතිහාසයේ අපේක්ෂිත ආදායම ඉක්මවා උපයා ගත එකම ආණ්ඩුව අපි – ජනපති අයවැය කතාවේදී කියයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:වසර 68කට පසු අයවැය හිඟයේ අඩුම අගය...

විදේශ අධ්‍යාපන සහතික ප්‍රශ්න කිරීමත් සමඟ ඉන්දුනීසියානු උප ජනාධිපතිවරයා ඉල්ලා අස්වෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 12: ඉන්දුනීසියානු උප ජනාධිපති,...