චීන පොහොර නැවට ඩොලර් 69 ලක්ෂයක් ගෙවපු එකේ කිසිම වරදක් නෑ – ඇමති මහින්දානන්ද

ප්‍රශ්නගත කාබනික පොහොර නෞකාව අයත් චීන පොහොර සමාගමට ඇමරිකානු ඩොලර් මිලියන 6.9ක් ගෙවීමෙහි කිසිදු වරදක් නොමැති බවත් එයින් ශ්‍රී ලංකාවට කිසිදු මූල්‍යමය පාඩුවක් නොමැති බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කරයි.

“චීනය ගෙවපු එකේ කිසිදු වරදක් නැහැ. නීතිපතිවරයාගෙ උපදෙස් පරිදි තමයි මෙය සමථයකට පත්වුණේ. ඒ චීන සමාගම විසින් ඇමරිකානු ඩොලර් මිලියන 5 ක ඇපකරයක් තියලා, නියම ප්‍රමිතියට පොහොර ලබාදෙන්න එකඟවෙලා තියෙනවා. දැන් ආපහු නැව ගිහිල්ලා, හරි පොහොර හදලා, සාම්පල් එවලා, නිරෝධායන ඒකකය පරීක්ෂා කරලා, ඒ පොහොර නැව නැවත ලැබෙනවා. මේකෙ එකම දේ තියෙන්නෙ නියමිත වෙලාවට පොහොර අපට නොලැබීම පමණයි අපට වෙච්ච පාඩුව. මුදලින් කිසිම පාඩුවක් වෙන්නෙ නෑ”

අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (08) ගන්නෝරුව ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියානු හා ජර්මානු විදේශ ඇමතිවරු වසර හතරකට පසු මුල් වරට හමුවේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: රුසියානු විදේශ අමාත්‍ය...

පාකිස්තානයේ ඩේරා ඉස්මයිල් ඛාන් ප්‍රදේශයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 12ක් මරුට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: පාකිස්තානයේ වයඹදිග Dera...

නාමල් නෑ කියලා නෑ. අපේ ගේම් වන්, ටූ, ත්‍රී, ෆෝ කියලා තියෙනවා. ඒ අනුව අපි වැඩ කරන් යනවා – ප්‍රසන්න

නාමල් රාජපක්ෂ මහතා සිරගතව සිටියත් ඒ මහතාගේ නායකත්වය යටතේ...