සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: රුසියානු විදේශ අමාත්‍ය සර්ගෙයි ලැව්රොව් සහ ජර්මානු විදේශ අමාත්‍ය යොහාන් වාඩෙෆුල්, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව නිව්යෝර්ක් නුවරදී හමුවී තිබේ. 2022දී රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු දෙරටේ විදේශ අමාත්‍යවරුන් අතර සිදුවූ පළමු සෘජු සාකච්ඡාව මෙය බව වාර්තා වේ.
හමුවේදී රුසියා–ජර්මානු ද්විපාර්ශ්වික සබඳතා සහ යුක්‍රේන යුද්ධය පිළිබඳව සාකච්ඡා කර ඇති අතර, කළු මුහුද හරහා ධාන්‍ය අපනයනය යළි ආරක්ෂිතව සිදු කිරීමට එකඟතාවක් ඇති කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජර්මානු විදේශ අමාත්‍යවරයා රුසියාවෙන් ඉල්ලා තිබේ.
විශේෂයෙන්ම ලෝකයේ ආහාර හිඟය පවතින රටවල්, එනම් Global South රටවල් සඳහා ධාන්‍ය අපනයන වැදගත් බවත්, සියලු පාර්ශ්වයන් නිර්මාණාත්මකව සාකච්ඡාවට එක්විය යුතු බවත් වාඩෙෆුල් මෙහිදි පවසා ඇත. මෙහිදී ජර්මනිය, යුක්‍රේනයට තම සහාය අඛණ්ඩව ලබා දෙන බවද අවධාරණය කර තිබූ අතර සාකච්ඡාවෙන් පසු ලැව්රොව් පවසා ඇත්තේ ජර්මානු පාර්ශ්වයෙන් මීට පෙර ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර නොතිබූ නව කරුණක් තමන්ට අසන්නට නොලැබුණු බවයි.

