රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW :
ශ්‍රී ලංකා නාවික හමුදාව අද (2026 සැප්තැම්බර් 27) උදෑසන යාපනය මාදගල්, කුසුමන්තුරෙයි වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන්, යාපනය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ විශේෂඥ දායකත්වය යටතේ සිදුකෙරෙණ පරීක්‍ෂණ මඟින්, එම මත්ද්‍රව්‍ය තොගයේ අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ඇති බවට හඳුනාගෙන ඇත.
ඒ සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ තවදුරටත් සිදුකෙරෙමින් පවතින අතර, වැඩිදුර තොරතුරු ඉදිරියේදී ලබා දීමට නාවික හමුදාව බලාපොරොත්තු වේ.
මීට අමතරව තංගල්ල – දික්වැල්ල ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 2.8ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙනඇති අතර, මෙම මත්ද්‍රව්‍ය සොයාගෙන ඇත්තේ වැටලීමක් අතරතුර නිවසක තිබියදීය.බස්නාහිර පළාත (උතුර) අපරාධ විමර්ශන අංශය විසින් මෙම වැටලීම සිදු කරන ලදී.





