පාකිස්තානයේ ඩේරා ඉස්මයිල් ඛාන් ප්‍රදේශයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 12ක් මරුට

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27:
පාකිස්තානයේ වයඹදිග Dera Ismail Khan දිස්ත්‍රික්කයේ පොලිස් මුරපොළක් ඉලක්ක කර එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තවත් 35කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ.

Khyber Pakhtunkhwa පළාතේ Darazinda ප්‍රදේශයේ Aman Mela පොලිස් මුරපොළට පුපුරණ ද්‍රව්‍ය පටවාගත් වාහනයක් කඩා වැදීමෙන් මෙම පිපිරීම සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි.

ප්‍රහාරයෙන් පසු තුවාලකරුවන් රෝහල් වෙත රැගෙන යමින් තිබූ ගිලන් රථයකට ද සන්නද්ධ පිරිසක් වෙඩි තබා ඇති අතර එහිදී සහන සේවකයෙකු ඇතුළු පුද්ගලයන්ට ද හානි සිදුවී තිබේ.

ප්‍රහාරයේ වගකීම Tehrik-e-Taliban Pakistan (TTP) සංවිධානය භාරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති රාජපක්ෂ ජාතික රෝහලට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු ජනාධිපති මහින්ද...

චාමර සම්පත් අත්අඩංගුවට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අල්ලස් හෝ...

තබ්බෝව වැව් රක්ෂිතය අලි ඇතුන් සඳහා ආහාර සපයන භූමියක් බවට පත් කරයි!.

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 12, කොළඹ LNW : මිනිසුන් සහ වන...

විවිධ කම්පන මැද වුවද 2026 පළමු අර්ධයේ රට ස්ථාවරයි – මහ බැංකුව කියයි

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය විවිධ කම්පන මධ්‍යයේ වුව...