සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: පාකිස්තානයේ වයඹදිග Dera Ismail Khan දිස්ත්‍රික්කයේ පොලිස් මුරපොළක් ඉලක්ක කර එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තවත් 35කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ.
Khyber Pakhtunkhwa පළාතේ Darazinda ප්‍රදේශයේ Aman Mela පොලිස් මුරපොළට පුපුරණ ද්‍රව්‍ය පටවාගත් වාහනයක් කඩා වැදීමෙන් මෙම පිපිරීම සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි.
ප්‍රහාරයෙන් පසු තුවාලකරුවන් රෝහල් වෙත රැගෙන යමින් තිබූ ගිලන් රථයකට ද සන්නද්ධ පිරිසක් වෙඩි තබා ඇති අතර එහිදී සහන සේවකයෙකු ඇතුළු පුද්ගලයන්ට ද හානි සිදුවී තිබේ.
ප්‍රහාරයේ වගකීම Tehrik-e-Taliban Pakistan (TTP) සංවිධානය භාරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරන්නේ,

