ආණ්ඩුවේ මන්ත්‍රීලටත් ගෑස් නෑ – ඩයනා ගෑස් ලොරියක් පසුපහ හඹා ගිහින්

Date:

ගෑස් අර්බුදය මේ වනවිට මෙරට ජනතාව මුහුණ දෙන දැවැන්තම ගැටලුව බවට පත්ව තිබෙනවා. ගෑස් ලබා ගැනීම සඳහා හාෆ් ඩේ නිවාඩු ගැනීමට රැකියාවල නිරතව සිටින පුද්ගයන්ට සිදුව ඇති අතර ගෑස් ලබා ගැනීමට නම් වරු ගණන් පෝලිමේ සිටීමට සිදුව තිබේ.

මේ අතර ගෑස් පෝලිමේ සිය ස්ථානය වෙන් කරවා ගැනීම සඳහා රුපියල් 500 – 1000 අතර මුදලක් වැය කිරීමට සිදුව ඇති බවද වාර්තා වී තිබිණි. කොළඹ ඇතැම් ප්‍රදේශවල නම් දින දෙක තුන පෝලිමේ සිටීමටද සිදු තිබේ.

සාමාන්‍ය ජනතාව පමණක් නොව පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමතිවරුන්ටද ගෑස් සපයා ගැනීම දැඩි ගැටලුවක් වී තිබේ. ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ජාතික ලැයිස්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මියට සිය නිවසේ භාවිතය සඳහා ගෑස් සිලින්ඩයක් මිලදී ගැනීම සඳහා ගෑස් ප්‍රවාහනය කරන ලොරියක් පසුපස හඹා යාමට සිදුව තිබේ.

සිය නිවසේ ගෑස් සිලින්ඩරයේ ගෑස් අවසන්වීම හේතුවෙන් ඇය පැලවත්ත ප්‍රදේශයේ ගෑස් අලෙවි නියෝජිතයෙකු වෙත ගොස් ඇති අතර කෙසේ නමුත් ඒ වනවිටත් එහි ගෑස් තොග අවසන්ව තිබෙනවා. ඉන් අනතුරුව අතුරුගිරිය ප්‍රදේශයට යමින් සිටි ඇයට, ගෑස් ලොරියක් ගමන් කරනු දක්නට ලැබී ඇත.

ලොරිය පසුපහ හඹා ගිය මන්ත්‍රිවරිය ඔරුවල ප්‍රදේශයේ වෙළඳසැළක් අසලදී අදා ලොරියෙන් ගෑස් සිලින්ඩරයක් ලබාගෙන තිබෙනවා.

මහජන නියෝජිතයන්ට එවැනි ආකාරයෙන් හෝ ගෑස් ලබා ගැනීමට හැකි වුවද සාමාන්‍ය ජනතාවට නම් රැකියාවටද නොගොස් ආදායම්ද අහිමි කර ගනිමින් දින ගණන් පෝලිම්වල රස්තියාදුවීමට සිදු වේ. එසේ නැතහොත් භූමිතෙල් හෝ දරලිප් භාවිතා කිරීමට සිදු වේ. එයද අසීරු වී තිබන්නේ භූමිතෙල් සඳහාද පෝලිමේ සිටීමට සිදුව තිබීම නිසාය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Emmy රාත්‍රිය වර්ණවත් කරමින්, රංගන කාණ්ඩයක ලාබාලතම පිරිමි ජයග්‍රාහකයා ලෙස Adolescence හි Owen Cooper ඉතිහාසයට එක් වෙයි!

සටහන – පුලී සැප්තැම්බර් 15, කොළඹ (LNW): ඉකුත් ඉරිදා රාත්‍රිය ආලෝකමත්...

තවමත් ඇවිලෙන නන්පෙරියල්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : දින කිහිපයක සිට...

දෙවන කාර්තුවේ ධනාත්මක ආර්ථික වර්ධනයක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා ආර්ථිකය 2025 දෙවන කාර්තුව සඳහා ද...

Clean Sri Lanka යටතේ මරදාන දුම්රිය ස්ථානය නවීකරණ ව්‍යාපෘතිය ඇරඹේ!

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව Dream Destination වැඩසටහන යටතේ...