විදුලි කප්පාදුවට මහජන උපයෝගීතා කොමිසමත් අනුමැතිය දෙයි

Date:

හෙට දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි කප්පාදුවක් සිදු කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබා දී තිබෙනවා. දිනකට උපරිමය පැය දෙකක් වන පරිදි විදුලි කප්පාදුවක් සිදු කිරීම සඳහා අනුමැතිය දුන් බවයි එම කොමිසමේ සභාපතිවරයා පවසන්නේ.

හේතු කිහිපයක් මත විදුලි අවශ්‍යතාවය 100% ක් සම්පූර්ණ කිරීම සඳහා විදුලිබල මණ්ඩලය අසමත්ව ඇති අතර ‌මේ නිසා දහවල් කාලයේදී විනාඩි 45 ක් සහ රාත්‍රී කාලයේදී පැයක් බැගින් විදුලිය කප්පාදු කිරීම සඳහා මේ වනවිටත් සැළසුම් කර තිබේ. අදියර කිහිපයක් යටතේ දිවයින පුරා විදුලි කප්පාදුව සිදුවනු ඇත.

විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසන්නේ අඛණ්ඩ විදුලි සැපයුමක් වෙනුවෙන් විදුලිබල මණ්ඩලය අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි. විදුලි නිෂ්පාදනය සඳහා අවශ්‍ය ගල් අඟුරු සපයා ගැනීම විදුලිබල මණ්ඩලය මුහුණ දී සිටින ප්‍රධානම ගැටලුව වන අතර ඒ සඳහා අවශ්‍ය ඩොලර් මහා භාණ්ඩගාරය මගින් ලැබෙනු ඇතැයි විස්වාස කරන බවද ගාමිණී ලොකු‌ගේ මහතා පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසි නීතිය දීර්ඝ කිරීමට අවධානය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හදිසි නීතිය තවදුරටත් දීර්ඝ කිරීමට රජය...

සයිප්‍රසයේ පිහිටි RAF Akrotiri බ්‍රිතාන්‍ය යුද හමුදා මූලස්ථානයට ඩ්‍රෝන ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක මාර්තු 02,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රිතාන්‍යය සිය ගුවන් කඳවුරු...

ඉරාන ප්‍රහාර හමුවේ ගල්ෆ් “ක්ෂේම භූමි” සුණු විසුණු වෙයිද ?

රෂිකා හෙන්නායක මාර්තු 02,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැදපෙරදිග අර්බුදය බිඳ වැටුණු අනභිබවනීය...

රටේ තෙල් හිඟයක් නැහැ.අනවශ්‍ය ප්‍රශ්නයක් හදන්න එපා – බලශක්ති ඇමති ජනතාවගෙන් ඉල්ලයි (VIDEO)

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති අතර...