දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

Date:

උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසිවාර කීපයක් ඇති විය හැකි අතර, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (09) දින නිවේදනය කරයි.

සබරගමුව පළාතෙත්, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

මුහුදුබඩ කලාපයේ කාලගුණය:

වැසි තත්ත්වය:
කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයින වටා වනසෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
සුළඟ:
දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (25-35) පමණවේ. ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය, මන්නාරම සහ පුත්තලම හරහා කොළඹ දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (45-55) පමණ වැඩිවිය හැක.
මුහුදේ ස්වභාවය:
ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය, මන්නාරම සහ පුත්තලම හරහා කොළඹ දක්වාත්, හම්බන්තොට සිට පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මඳ වශයෙන් රළු විය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට තද සුළං සමඟ එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බර්ලින් චිත්‍රපට උළෙල සහ අරුන්දතී රෝයි: කලාව දේශපාලනයෙන් තොර විය හැකිද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : ගාසා තීරය කේන්ද්‍ර...

බංග්ලාදේශයේ නව රජය පිහිටුවීම හෙට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වසර 15ක බංග්ලාදේශ...

දැන්වත් තරුශිව පෙනෙයි ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 14, කොළඹ LNW: අප මීට පෙර ආසියානු...

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ නව පිම්ම: 2026 වසරේ මුල් සති කිහිපයේ විශ්මිත දත්ත

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...