ඉතිහාසයේ මාරාන්තිකම ලැවූගින්න හොලිවුඩය දක්වාම පැතිරේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 10; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් හි ප්‍රදේශ කිහිපයක පැතිර යන ඉතිහාසයේ මරන්තිකම ලැවූ ගින්න මේ වන විට හොලිවුඩය දක්වා ම පැතිර ගොස් ඇති බව වාර්තා වේ.

පවතින වියලි සුළං සහිත කාලගුණික තත්වය හේතුවෙන් ලැවූ ගින්න මේ වන විට ප්‍රාන්ත 4ක් පුරා පැතිරගොස් ඇති අතර ප්‍රධාන ලැවුගිනි හතක් මේවන විට වාර්තා වේ.

ඉන් විශාලතම ලැව් ගින්න වනුයේ හොලිවුඩ් තරු ඇතුළු ධනවතුන්ගේ මන්දිර නිවාස පිහිටා තිබෙන පැසිෆික් පාලිසේඩ්ස් ප්‍රදේශයේ පැතිර යන ගින්න වන අතර ඒ හේතුවෙන් හෙක්ටෙයාර් 6000කට අධික භූමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වී ගොස් ඇති අතර මරණ සංඛ්‍යාව 7ක් ලෙස වාර්තා වන තර ගොඩනැඟිලි හා නිවාස 1000ක් පමණ සම්පූර්ණයෙන් දැවී විනාශ වී ගොස් තිබේ.

ලැවූ ගින්න හේතුවෙන් සිනමා තරු වන ඇඩම් බ්‍රෝඩි, ලයිටන් මෙස්ටර් යුවළ, පැරිස් හිල්ටන්, රිකි ලේක්, ජේම්ස් වුඩ්ස් බිලි ක්‍රිස්ටල්, කැමරන් මැතිසන් හා බෙන් අෆ්ලෙක් වන අතර මාක් හමිල්, ටොම් හෑන්ක්ස්, රෙසි විත්රස්පුන්, මයිකල් කිටන්, ඇඩම් සැන්ඩ්ලර්, මයිල්ස් ටේලර්, ඉයුජින් ලෙවි යන අයගේ නිවාසද විනාශ වී ඇත.

සෙසු ලැව් ගිනි ඊටන්, සැන් ෆර්නන්ඩෝ තීරයේ පිහිටි හස්ට් ප්‍රදේශය, ලිඩ්යා, හොලිවුඩ් කඳු මුදුනේ පිහිටි සන්සෙට් හා ස්කවුට් යන ප්‍රදේශවල ඇවිලෙමින් පැවතිණි.

ඊයේ(09)දිනය වන විට ගිනි නිවන හමුදා භටයන් 7500කට අධික පිරිසක් කැඳවා තිබූ අතර ඒ සඳහා ගිනි නිවන හමුදා රථ 1162ක් සේවයේ යොදවා තිබූ බව වාර්තා වන අතර හෙලිකොප්ටර් යානා 31 ක් මෙන්ම ජල ටැංකි හයකින් යුත් ගුවන් යානයක් ද ලැව් ගිනි නිවීම සඳහා සේවයේ යොදා ඇත.

ලොස් ඇන්ජලිස් ඉතිහාසයේ දරුණුතම ලැව්ගිනි තත්ත්වය මෙය බවයි වාර්තා වන අතර ලැවූ ගින්න පාලනයකින් තොරව පැතිර යන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර ලැවූ ගින්න හේතුවෙන් ඇතිවන අධික දුමාරය ස්වසන රෝගී තත්වයන් ඇතිකර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“බලය” පිළිබඳ කතන්දර : පැණි වරකාවලට හෙන ගැසීම

හිරු නාලිකාවට ආණ්ඩුව පාර්ශවයෙන් එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඊට...

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (30) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 30) දිනයේදී උතුර, නැගෙනහිර,...

දිවයින පුරා විදුලි වාහන ආරෝපණ මධ්‍යස්ථාන සවිකර දෙන්නැයි ඇමති විජිත චීනයෙන් ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල චීනය ඇතුළු ලෝක රථවාහන වෙළඳපලෙන් ශ්‍රී...

විකෘති ප්‍රවෘත්ති පළකරන්න ලෑස්ති වෙන්න එපා.ලයිසන් කොන්දේසි බලාත්මක කරනවා – ඇමති නලින්දගෙන් රතු එළි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සියලුම රූපවාහිනී නාලිකා සඳහා බලපත්‍රය ලබා දී...