ඇමතිකමෙන් ඉල්ලා අස් වෙනවා – ලන්සාගෙන් ආණ්ඩුවට එරෙහිව තවත් හයේ පහරක් !

Date:

ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව ප්‍රසිද්ධියේ අදහස් දැක්වීම තනතුරු අහිමි කිරීමට හේතුවක් වන්නේ නම් එවැනි තනතුරුවලින් ඉල්ලා අස්වීම ගෞරවාන්විත බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පවසනවා. ආණ්ඩුව විවේචනය කරන මැති ඇමතිවරුන් හරහා පිටවන්නේ පොදු ජනතාවගේ හඬ බැවින් කළයුත්තේ එම හඬට කන්දීම මිස ඇමති ධුර අහිමි කිරීම නොවන බවද රාජ්‍ය ඇමතිවරයා සඳහන් කරනවා.

ජනතාව වෙනුවෙන් කතා කිරීමට ඇමතිවරුන්ට නොහැකි නම්, ජනතාව වෙනුවෙන් ඇමති ධුරය අත්හැරීමටද සූදානම් බවයි නිමල් ලන්සා මහතා පවසන්නේ.

ජනතාවට සිය දෛනික කටයුතු පවා අත්හිටුවා වරු ගණන් පෝලිම්වල රස්තියාදුවීමට සිදුව ඇති බවත්, එය කිසිසේත්ම සිදු නොවිය යුත්තක් බවත් පෙන්වා දෙන රාජ්‍ය ඇමතිවරයා පවසන්නේ ආණ්ඩුව නියෝජනය කරන ඇමතිවරු වූ පමණින් එවැනි දේ දැක දැක කට පියාගෙන සිටිය නොහැකි බවයි.

ආර්ථික ගැටලුවලට විසඳුම් නොලැබෙන්නේ නම් ජනතාවට පාරට බැසීමටවත් නොහැකි තත්වයක් උද්ගත වන බැවින් ආර්ථික ගැටලු විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලබාගත යුතු බවද ලන්සා මහතා සඳහන් කරනවා.

නිමල් ලන්සා මහතා මීට පෙර අවස්ථා කිහිපයකදීද ආණ්ඩුව විවේචනය කර තිබිණි. ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ නිමල් ලන්සා ඇමතිවරයා ආණ්ඩුවට එරෙහිව පිට පිට හයේ පහර එල්ල කරන නමුත් තවමත් නොදැවී සිටින බවයි. ආණ්ඩුව විවේචනය කරන ශ්‍රීලනිප සාමාජිකයන්ගේ ඇමති ධුර අහිමි වුවද ලන්සා වැනි ඇමතිවරුන්ගේ ඇමති ධුර අහිමි නොවන බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කර තිබිණි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: රස-ගුණ සපිරි පාස්තා සැලඩ් එකක් රස විඳිමු! – Cool, Fresh, and Flavor-Packed: Pasta Salad You’ll Crave

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

මෙවර Toronto චිත්‍රපට උළෙලේදී ජනතාවගේ තේරීමේ සම්මානය දිනා ගත් “Hamnet”!

සටහන – පුලී සැප්තැම්බර් 16, කොළඹ (LNW):  ක්ලෝයි ෂාඕගේ Hamnet...

ස්විට්සර්ලන්තය සමඟ සම්බන්ධතා තරකරගන්න ශ්‍රී ලංකා රජයට අවස්ථාවක්!

කොළඹ LNW: අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී...

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය දෙන්න අවස්ථාව!

කොළඹ LNW: විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය ප්‍රකාශ කළ හැකි...