Thursday, March 23, 2023
spot_img

Latest Posts

වෙල්ගමගේ පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ 03 කට ලියාපදිංචිය හිමි වෙයි

2021 වසරේදී ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කර තිබූ දේශපාලන පක්ෂ අතරින් පක්ෂ 03 කට අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව එම දේශපාලන පක්ෂ මැතිවරණ කොමිෂන් සභාවේ ලියාපදිංචි දේශපාලන පක්ෂ ලැයිස්තුවට එකතු වේ.

මෙසේ ලියාපදිංචි කර තිබෙන්නේ නව ලංකා නිදහස් පක්ෂය, දමිළ ප්‍රගතිශීලී සන්ධානය, තමිල් මක්කල් කුට්ටනි යන දේශපාලන පක්ෂ 03 යි. මෙම පක්ෂවල නම් ගැසට් පත්‍රය මගින් ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බවයි මැතිවරණ කොමිසම පවසන්නේ.

නව ලංකා නිදහස් පක්ෂය සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ආරම්භ කළ පක්ෂය වන අතර දමිළ ප්‍රගතිශීලී සන්ධානය වතුකරයේ දේශපාලන පක්ෂ කිහිපයක එකතුවකි.

මෙම පක්ෂ 03 ද සමගින් මේ වනවිට මෙරට ලියාපදිංචි දේශපාලන පක්ෂ ප්‍රමාණය 79 ක් දක්වා ඉහළ යයි.

මේ අතර 2022 වසරේ දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සඳහා මේ වනවිටත් අයදුම්පත් කැඳවා තිබෙනවා.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.