Saturday, March 25, 2023
spot_img

Latest Posts

විදුලි ගාස්තු වැඩි කිරීමක් සිදු කරන්නේ නැහැ – PUCSL සභාපති

විදුලි ගාස්තු වැඩි කිරීමක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

ජනක රත්නායක මහතා ඒ බව සඳහන් කළේ, විදුලි ගාස්තු වැඩි කිරීමට පියවර ගන්නේ ද යන්න පිළිබඳව නිව්ස්ෆස්ට් කළ විමසීමකට පිළිතුරු වශයෙනි.

විදුලිය ගාස්තු වැඩි කිරීමට අදාළව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට ඊයේ (09) අනුමැතිය ලැබුණු බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසීය.

ඔහු සඳහන් කළේ, පෙබරවාරි 15 වන දා වනවිට සමාලෝචනය කිරීමේ පදනම මත මේ අනුමැතිය ලබාදී ඇති බවයි.

එම සමාලෝචනයෙන් පසුව විදුලි ගාස්තු නැවත අඩුවීමට ද ඉඩ ඇතැයි එම ප්‍රකාශකයා කියා සිටියේ ය.

මේ අතර විදුලි ගාස්තු සංශෝධනයට අදාළව යෝජනාවලියක් තමන්ට ඊයේ පස්වරුවේ ලැබුණු බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.