රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW :
හිටපු අධිකරණ අමාත්ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රකිත රාජපක්ෂ මහතාට අයත් බැංකු ගිණුම් කිහිපයක් අත්හිටුවා තිබේ.
අපරාධ ක්රියාකාරකම්වලින් උපයාගත් මුදල් හෝ දේපළ සම්බන්ධ නීතිමය විධිවිධාන යටතේ මෙම පියවර ගෙන ඇත.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව (CIABOC) විසින් මේ වන විට සිදු කරමින් පවතින විමර්ශනයකට අදාළව මෙම පියවර ගෙන තිබේ.
එම විමර්ශනයේ කොටසක් ලෙස, අදාළ බැංකු ගිණුම් අත්හිටුවීම පිළිබඳ දැනුම් දීම සඳහා කොමිෂන් සභාවේ නිලධාරීන් පිරිසක් ඊයේ නාවල පිහිටි රකිත රාජපක්ෂ මහතාගේ නිවස වෙත ගොස් ඇත.
කෙසේ වෙතත්, එම නිලධාරීන් දැනුම් දීම සිදු කිරීම සඳහා නිවසට පැමිණි අවස්ථාවේදී රකිත රාජපක්ෂ මහතා එහි නොසිටි බව අල්ලස් කොමිෂන් සභාව සඳහන් කළේය.


