විශ්ව විද්‍යාල ආචාර්යවරු හෙට වැඩ වැරුමක!

කොළඹ LNW:ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙට (30) දිනයේ එක්දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කර තිබේ.

එම සම්මේලනයේ ප්‍රධාන ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා සඳහන් කළේ සමස්ථ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින ආචාර්යවරුන්ගේ හිඟය, කාර්ය මණ්ඩලය මත ඇති අධික වැඩබර, ප්‍රමාණවත් භෞතික පහසුකම් නොමැතිවීම ඇතුළු ගැටලු කිහිපයක් මෙම වැඩවර්ජනයට හේතු වී තිබෙන අතර වැඩවර්ජනයට සමගාමීව හෙට දිනයේ විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විසින් පා ගමනක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සඳහන්.

මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය මුහුණ දී සිටින අභියෝග පිළිබඳ මහජන අවධානය යොමු කිරීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ග ගන්නා බව චාරුදත්ත ඉලංගසිංහ මහතා සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතා විසඳා ගැනීමට න්‍යෂ්ටික ශක්තිය කෙසේ උපකාරී වේවිද?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ලෝකය පුරා රටවල්...

රන් කිලෝග්‍රෑම් 02 කට වඩා ගෙන ඒම නිසා වසරක සිරදඬුවමක් විඳි ශ්‍රී ලාංකිකයා මාලදිවයින් මහාධිකරණයෙන් නිදහස්!

රන් කිලෝග්‍රෑම් 02 කට වඩා ගෙන ඒම නිසා වසරක සිරදඬුවමක් විඳි ශ්‍රී ලාංකිකයා මාලදිවයින් මහාධිකරණයෙන් නිදහස්!

සෞඛ්‍ය හා ආර්ථික ක්ෂේත්‍ර නංවාලීමට තායිලන්තයේ පූර්ණ සහාය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : තායිලන්ත උප...