කොමික් ලොවේ නමගිය වාර්තාකරු “ටින්ටින්” ට 95ක්!

Date:

සටහන – නිපුනි ලියනගේ

ජනවාරි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මාධ්‍යවේදියෙක්, පත්තර වාර්තාකාරයෙක් කිව්වාම පොඩිකාලෙ අපි හැමෝගෙම ඔලුවට ආවේ ටින්ටින්…ඔන්න ටින්ටින් කතාමාලාවෙහි 95 වෙනි සංවත්සරය අදට යෙදිලා තියෙනවා.

“ද ඇඩ්වෙන්චර්ස් ඔෆ් ටින්ටින්” බෙල්ජියම් කාටූන් ශිල්පී, කවුරුත් “Herge”නමින් හඳුනන ජෝර්ජස් රෙමි විසින් නිර්මාණය කරන ලද්දකි. මෙය 20 වන සියවසේ වඩාත්ම ජනප්‍රිය යුරෝපීය කොමික් කතා මාලාවකි. 1907 දී හර්ගේගේ උපතින් සියවසකට පසු 2007 වන විට,”ටින්ටින්” පිටපත් මිලියන 200 කට වඩා අලෙවි වූ අතර, භාෂා 70 කට වඩා වැඩි ගණනකින් ප්‍රකාශයට පත් කර ඇත. ගුවන් විදුලිය, රූපවාහිනිය, රංග ශාලා තුළ සේම චිත්‍රපට තුළින් ද ටින්ටින් කාගේත් ආදරය දිනා ගත්තේය.

TinTin

“ටින්ටින්” පත්තර වාර්තාකරුවෙකු මෙන්ම ඔහුගේ විශ්වාසවන්ත බල්ලා ස්නෝවි ලෝකය පුරා ගමන් කරමින්, අපරාධකරුවන් සමඟ සටන් කර, අභිරහස් විසඳමින් ඔවුන්ගේ ගමන් මඟ ත්‍රාසය/ භීතිය/ කුතුහලය සමඟ ඉදිරියට ගෙන යයි.

මෙම කතා මාලාව ප්‍රථම වරට ප්‍රංශ භාෂාවෙන් 1929 ජනවාරි 10 දින දර්ශනය විය. එතැන් පටන් අද දක්වා නැතහොත් 2024 ජනවාරි 10 වන විට 95ස් අවුරුද්දක මතකාවරජනය “ටින්ටින්” කෙරෙහි ආදරය දැක්වූ රසික හදවත් වලට මහත් ආඩම්බරයකි.

හෝව් හෝව්….ටින්ටින් ගේ අනිත් සඟයන් ගැනත් මේ 95 සමරන අවස්තාවේ මතක් කළ යුතුමය.
එනම්; නිර්භීත කැප්ටන් හැඩොක්, බුද්ධිමත් නමුත් ශ්‍රවණාබාධිත මහාචාර්ය කැල්කියුලස් , අදක්ෂ රහස් පරීක්ෂක තොම්සන් සහ තොම්සන් සහ බියන්කා කැස්ටාෆියෝර් අමතක කල නොහැකිම චරිතයන් ය.

Wikipedia

කතාව ලොකු කුඩා කාගේත් ආදරය අදටත් ලබන සාර්ථක නිර්මාණයකි.
ඉතින්, ටින්ටින් ඔබට සුභ 95ක්!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපතට පත් ජනතාව හමුවෙන්න ජනපති නුවරඑළියට යයි! (PHOTOS)

කොළඹ LNW:වැලිමඩ - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ රේන්දපොළ ප්‍රදේශයේ නාය...

75වැනි සංවත්සරය සමරන ශ්‍රී ලංකා නාවික හමුදාව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09 , කොළඹ LNW : ශ්‍රී ලංකා...

දිත්වා පෙන්නපු රිදී රේඛාව ….

සිදුවූ සියල්ලෙන් පෙනී යන්නේ මොකක්ද? එකම දෙය මෙවන් ව්‍යසනයක්...

BREAKING NEWS : රතු නිවේදනය අනුව අවදානම් ස්ථානවල ජනතාව ඉවත්කර සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යැවීමට දැනුම්දීමක් !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත්...