අල්ලස් කොමිසමේ අලුත් පත්කිරීමටත් ලෙඩක් වැටෙයි ?

Date:

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතාව ඊයේ (ජනවාරි 10) දිනයේදී පත්කර තිබිණි.

මෙම පත්කිරීමට එරෙහිව පාර්ශ්වයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගොස් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානමින් සිටින බව ආරංචිමාර්ග පවසයි.

ඒ, අදාළ තනතුරට පත් කෙරුණු රංග දිසානායක මහතාට වඩා ලකුණු ලබාගත් අය සිටීම සහ මෙම පත්කිරීමට අදාළව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ කාර්ය පටිපාටිය විධිමත්ව සිදු නොවීම යන චෝදනා පදනම් කරගනිමින් බව සඳහන්.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා කාර්යාලය විසින් අයදුම්පත් කැඳවා තිබුණු අතර එම තනතුර සඳහා 16 දෙනෙකු අයදුම් කර තිබුණු බව මීට පෙර මාධ්‍ය වාර්තා කර තිබිණි.

මෙම අයදුම්පත් සලකා බැලීමේ කටයුතුවලට ඉහළම පෙළේ අතපෙවීමක් සිදුව ඇති බවට ඇතැම් අයදුම්කරුවන් චෝදනා කරන බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දරුණු රිය අනතුරක් : 31කට තුවාල.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : මාතර - බෙලිඅත්ත...

අධිවේගයේ පෙරළියක්: ආදායම රු. මිලි. 61ක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : ඊයේ (24)...

ගම්පහ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ගම්පහ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව...

මාලිමාව හික්කඩුවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි හික්කඩුව නගර සභාවේ 2026...