Monday, December 11, 2023
spot_img

Latest Posts

භාරත ගීත කෝකිලාව ලතා මංගේෂ්කාර් දැඩි සත්කාර ඒකකයේ

සම්මානලාභී භාරතීය ගායිකා ලතා මංගේෂ්කාර් මේ වනවිට මුම්බායිහි රෝහලක දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී. ඇයට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති අතර ඇය කොවිඩ් නියුමෝනියාව හේතුවෙන් බරපතල අසාධ්‍ය තත්වයට පත්ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉරිදා අළුයම ඇය රෝහල්ගත කර ඇති අතර අද දිනයේදී දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.

මේ වනවිට 92 හැවිරිදි වියේ පසුව ලතා මංගේෂ්කාර් 13 හැවිරිදි වියේදී ගීත ගායනයට පිවිසි අතර දශක හතකට වැඩි කාලයක් තිස්සේ ඇය සිය හඬින් භාරතීයයන් පමණක් නොව සමස්ත ලෝකයම පිනවූවාය. 1969 වසරේදී ලතා මංගේෂ්කාර්ට පද්ම භූෂණ සම්මානය හිමිවිය.

ඇයගේ පවුලේ සාමාජිකයන් පවසන්නේ පවුලක් වශයෙන් ඇයට වඩා හොඳම දේ ලබාදීමට අවශ්‍ය බවයි. වෛද්‍ය උපදෙස් මත දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදීමට තීරණය කළ බවද පවුලේ ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.