මෛත්‍රීගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානියාගේ සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය ස්ථිර කරයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී කුසුම්දාස මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අයට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් ලබාදී තිබුණු සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (11) ස්ථිර කෙරිණි.

ඒ, ඔවුන් විසින් ගොනුකර තිබුණු අභියාචනයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.

2018 වසරේදී කන්තලේ සීනි කම්හලේ යන්ත්‍රෝපකරණ පවරාදීම සඳහා ඉන්දීය ව්‍යාපාරිකයකුගෙන් රුපියල් මිලියන 54ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් මිලියන 20ක් ලබා ගනිද්දී ඔවුන් දෙදෙනා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබිණි.

ඊට අදාළව චෝදනා 24ක් යටතේ ඔවුන්ට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පැවරූ අතර එහිදී කුසුම්දාස මහානාම යන අයට බරපතළ වැඩ සහිත වසර 20ක සිර දඬුවමක් හා රුපියල් 65,000ක දඩයකුත් පියදාස දිසානායක යන අයට බරපතළ වැඩ සහිත වසර 12ක සිර දඬුවමක් හා රුපියල් 50,000ක දඩයකුත් නියම කර තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...