කෙසෙල්වත්තේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 12 කොළඹ (LNW): ඊයේ (11) රාත්‍රියේ දී කොළඹ 12 කෙසෙල්වත්ත ප්‍රදේශයේ නිවසක් තුළ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ 48 හැවිරිද මාටිස් පටුමග, කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක් බව වාර්තා වේ.

මෙම ඝාතනය කෙසෙල්වත්ත පොලිස් වසමේ සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජික ‘කෙසෙල්වත්ත දනුක‘ යන අයට සම්බන්ධ පිරිසක් විසින් සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය කර ගෙන ඇති බවත්, මෙම ඝාතනයට හේතුව මීට පෙර එනම් 2023.07.30 වන දින සිදු වු මනුෂ්‍ය ඝාතනයක් බවත් පොලිසිය පවසයි.

කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි කාවින්ද දිල්ශාන් නොහොත් ‘පොඩි කවි‘ නැමැති අය ඝාතනය කිරිමට ඔත්තු සැපයු පුද්ගලයකු බවට හදුනා ගෙන අදාළ පුද්ගලයාව මෙලෙස ඝාතනය කර ඇති බවට අනාවරණය වී ඇති බවත්, එසේම ඝාතනය වූ පුද්ගලයා තවත් මනුෂ්‍ය ඝාතන වලට මීට පෙර සම්බන්ධ බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

මේ වනවිට සැකකරුවන් හඳුනාගෙන ඇති අතර ඔවුන් ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර මේ සම්බන්ධව වැඩිදුර විමර්ෂන කෙසෙල්වත්ත පොලිසියේ අපරාධ විමර්ෂන අංශය මගින් සිදුකරන බව පැවසේ,

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සෝන්ඩර්ස් සහ පෙලිකන්ස් දෙපසින් අපරාජිතව පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 19, කොළඹ LNW: ක්‍රියාත්මක චැම්පියන්ස් ජාතික පාපන්දු...

යළි ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් ඕනේ නෑ. කරන්න ඕනේ මෙච්චරයි – මහා බැංකු අධිපතිගේ සහතිකය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පසුගිය වසර තුනේ ගෙනගිය ආර්ථික වැඩපිළිවෙල ඉදිරියටත්...

මහනුවර යළි පිබිදෙයි – ශ්‍රී ලයන්ස්ට තවත් පරාජයක්

නිශ්මං රණසිංහ ජනවාරි 19, කොළඹ LNW: මහනුවර ක්‍රීඩා සමාජය ගෙවුණු...

ගෙන ඒමට නියමිත නව පනතක් ගැන ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා පැවසූ දේ…

රෂිකා හෙන්නායක ජනවාරි 19 , කොළඹ LNW : ත්‍රස්තවාදය වැළැක්වීමේ...