ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය ගැන ජපානයේ පැසසුම්!

කොළඹ LNW:ජපාන මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි මහතා ඇතුළු ජපාන නියෝජිත පිරිස ජනාධිපති කාර්යාලයේදී ඊයේ (11) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී තිබුණි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ සැලකිය යුතු දියුණුවක් පෙන්නුම් කර ඇති බවත් ඒ වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබාදුන් ශක්තිමත් නායකත්වය පිළිබඳ සිය බලවත් ප්‍රසාදය පළ කරන බවත් එහිදී ජපාන මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි මහතා පවසා තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනේ ශ්‍රී ලංකාව එහි පළමු සමාලෝචනය සාර්ථකව අවසන් කර ඇති අතර ශ්‍රී ලංකාවේ මෙම අභියෝගාත්මක ප්‍රතිසංස්කරණ ජාත්‍යන්තර ප්‍රජාවේ පැසසුමට ලක්ව තිබෙන බවයි ඔහු පවසා තිබුණේ.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය තුළ පවතින මෙම ධනාත්මක තත්ත්වය සුභවාදී බවත් ඒ තුළ ශ්‍රී ලංකාව කෙරෙහි නිල සහ පෞද්ගලික යන දෙඅංශයයේම ණයහිමියන්ගේ ජාත්‍යන්තර විශ්වාසය වැඩි දියුණු කිරීමේ හැකියාව පවතින බවත් ජපාන මුදල් අමාත්‍යවරයා පවසා ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

” බටහිර රටවල් මෙන් අපි බලපෑම් කරන්නේ නැහැ” -රුසියානු තනාපති

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකාව උතුරු...

වරෙන්තු ලද විමල් උසාවියට!

කොළඹ LNW:අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් වූ හිටපු අමාත්‍ය...

22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය කථානායක වෙත!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට...

ආපදා සහන සඳහා නාවික හමුදාවේ සූදානම!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දිවයිනේ ප්‍රදේශ රැසකට...