අයිලා ආර්යා ප්ලස් සටනේදී ඉහළට ප්‍රහාරයක් එල්ල කරයි

කොළඹ කාන්තා විද්‍යාලයේ සිසුවියක් වන අයිලා චිට්ටි වත්මන් මේස පන්දු ශ්‍රේණිගත කිරීම්වල අංක එකට සිටින මුතුමාලි ප්‍රියදර්ශනී සහ අංක තුනට ශ්‍රේණිගතව සිටින බිමන්දි බණ්ඩාර පරාජයට පත් කරමින් නුගේගොඩ මේස පන්දු ක්‍රීඩා සමාජය සංවිධානය කරන ලද ආර්යා ප්ලස් සූරතාවලියේ වීවෘත අංශයේ සූරිය වූවාය.බණ්ඩාරගම මේස පන්දු ගෘහස්ථා ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගාවලියේ දී ඇය කාන්තා යුගල සූරතාවයට ද හිමිකම් කී අතර ඇය එම දස්කම දැක් වූයේ බිමන්දි බණ්ඩාර සමඟය.


විවෘත පිරිමි සූරතාවය දිනා ගත්තේ ක්‍රිශාන් වික්‍රමරත්නය.අවසාන තරගයේදී ඔහුට පරාජය වෙමින් වයස් කාණ්ඩ සූරතා දෙකක් සමඟ පිරිමි යුගල සූරතාවයට ද චමීර ගිනිගේ සමඟ හිමිකම් කි කොළඹ ආනන්ද විද්‍යාලයේ සෙනුර සිල්වා තරගාවලියේ හොඳම ක්‍රීඩකයා බවට පත් විය.ඔහු අවුරුදු 19 න් පහළ සහ 17 න් පහළ සූරතා දිනා ගත් ආකාරයෙන්ම එහි බාලිකා සූරතවෙය සහ අයිලා සමඟ කාන්තා යුගල සූරතාවයද දිනා ගත් මහනුවර හිල්වුඩ් බාලිකාවේ බිමන්දි බණ්ඩාර ආර්යා ප්ලස් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව වූවාය.


ඡායාරූපයේ වමේ සිට පිළිවෙලින් සෙනුර සිල්වා,බිමන්දි බණ්ඩාර,අයිලා චිට්ටි සහ ක්‍රීශාන් වික්‍රමරත්න වෙති.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...