*
Friday, April 26, 2024
spot_img

Latest Posts

ලොක්ඩවුන් නීති කැඩූ බොරිස් ජොන්සන්ට ගෙදර යන්න වෙයිද ? බ්‍රිතාන්‍ය පුවත්පත්වලින් පහර පිට පහර !

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතාට ඉල්ලා අස්වන ලෙස බලපෑම් එල්ල වී තිබෙනවා. ලොක්ඩවුන් නීති කඩකරමින් පැවති සාදයක් සඳහා ඔහු සහභාගි වූ බවට චෝදනා එල්ල වූ අතර මේ වනවිට එම චෝදනා තහවුරු වී තිබෙනවා. මේ නිසා පාලක කොන්සර්වේටිව් පක්ෂයේ ප්‍රබලයන්ගෙන් පවා ඉල්ලා අස්වන ලෙසට බලපෑම් එල්ල වී තිබේ.

මෙම සාදය 2020 වසරේදී පවත්වා ඇති අතර ඊට සහභාගි වූ බව ඔහු ඊයේ පිළිගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සමාව අයැද සිටින බවයි ජොන්සන් මහතා ප්‍රකාශ කර තිබෙන්නේ.

අගමැතිවරයාට එරෙහිව කොන්සර්වේටිව් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තුළ විස්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කිරීමේ සූදානමක් පිළිබඳවද වාර්තා වේ. අදාල යෝජනාව සඳහා කොන්සර්වේටිව් මන්ත්‍රීවරුන් 54 දෙනෙකු අත්සන් තැබුවහොත් ජොන්සන්ගේ අගමැති තනතුර දැඩි අවදානමකට ලක් වනු ඇත.

කෙසේ නමුත් නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඩොමිනික් රාබ් ඇතුළු පිරිසක් පවසන්නේ අගමැතිවරයා තනතුරින් ඉවත් වීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි. ඔහු වරද පිළිගෙන ඇති බවත්, ඔහු කළ වරද වෙනුවෙන් සමාව ඉල්ලා ඇති බවත් පවසන ඩොමිනික් රාබ් සඳහන් කරන්නේ එම ප්‍රමාණවත් වන බවයි.

මෙම සිදුවීම ඈඳා ගනිමින් බ්‍රිතාන්‍ය මාධ්‍ය, අගමැතිවරයාට පහර පිට පහර එල්ල කරමින් සිටී. බ්‍රිතාන්‍ය මිරර් පුවත්පත සිය ප්‍රධාන පුවතින් අගමැතිවරයා විවේචනය කරන අතර එහි ශීර්ෂපාඨය ලෙස යොදා ඇත්තේ අපකීර්තිය යන්නයි.

‘මුලින්ම ජොන්සන් කීවේ තමන් කිසිම නීතියක් කඩකර නොමැති බවයි. පසුව ඔහු කීවේ කිසිදු පාටියක් ගැන තමා නොදන්නා බවයි. දැන් ඔහු කියන්නේ පාටියට සහභාගි වූ අයගෙන් එක් අයෙකු තමා වන නමුත් එය පාටියක් බව දැන සිටියේ නෙමැති බවයි.’ යනුවෙන් මිරර් පුවත්පත වැඩිදුරටත් වාර්තා කරනවා.

ගාඩියන් සිය ප්‍රධාන සිරස්තලයෙන් වාර්තා කරන්නේ අගමැතිවරයාගේ අනාගතය කැපී යාමට ඔන්න මෙන්න තිබෙන බවයි. සාදයකට සහභාගි වන බව නොදැන සිටියේ යැයි ඔහු පවසන ප්‍රකාශය උපහාසාත්මක බවද ගාඩියන් වාර්තා කරනවා.

බොරිස් ජොන්සන් මහතා 2019 වසරේදී බ්‍රිතාන්‍ය අගමැති ධුරයට සහ කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයට පත් වූ අතර අගමැති තනතුරට පත්වන අවස්ථාවේ සිට කිහිප අවස්ථාවකදීම ඔහු බ්‍රිතාන්‍ය දේශපාලන පක්ෂවල සහ විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය මධ්‍යවල දැඩි විවේචනයට ලක් විය. ඇතැම් මාධ්‍ය වාර්තා කළේ ඔහු හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ටම හරියන ජාතියේ දේශපාලනඥයෙකු බවයි.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan