පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාට සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහරදී ඝාතනය කිරීම සම්බන්ධ නඩුවේ තීන්දුව අද (14) ගම්පහ මහාධිකරණයේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.

විත්තිකරුවන් 41 දෙනෙකුට එරෙහිව මෙම නඩුව සහන් මාපා බණ්ඩාර, රශ්මි සිංගප්පුලි සහ රසන්ත ගොඩවෙල යන මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ දීර්ඝ කාලයක් තිස්සේ විභාග කිරීමෙන් අනතුරුව මෙසේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට නියමිත ය.

2022 මැයි 09 වනදා නිට්ටඹුව නගරයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා වශයෙන් කටයුතු ජයන්ත ගුණවර්ධන මහතාට පහරදී ඝාතනය කළ බවට විත්තිකරුවන් 41 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් 2023 වසරේදී මෙම නඩුව ගම්පහ මහාධිකරණය හමුවේ ගොනුකර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් එක්ක ටිල්විනුත් ඇතුළට ?

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ජාතික...

වැසි තත්වයේ වෙනසක් – අද (14) කාලගුණ නිවේදනය

සටහන - රුවන් නෙළුගොල්ල හෙට (ජනවාරි 15) දින සිට දිවයිනේ...

ලෝකෙටම 25 යි. ඩඩ්ලි සිරිසේන ලංකාවේ මිල අධිකම කාර් එක ගෙදර ගෙනෙයි !

අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති, කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා...

ගල් අඟුරු ටෙන්ඩරයේ වංචාවක් වෙලා තිබෙන බව පැහැදිලියි. වහාම විමර්ශනයක් ඕනෑ – පුබුදු සාක්ෂි පෙන්වයි

සටහන - රුවන් නෙළුගොල්ල නොරොච්චෝලේ විදුලි බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු...