ජොකොවික්ගේ සිහින බොඳවෙයි – දෙවන වරටත් වීසා කැන්සල්

Date:

සුපිරි ටෙනිස් ශූර නොවැක් ජොකොවික්ගේ වීස බලපත්‍රය දෙවැනි වරටත් අවලංගු කිරීමට ඕස්ට්‍රේලියානු බළධාරීන් පියවර ගෙන තිබෙනවා. සංක්‍රමණ අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුව මෙම තීරණය ගෙන තිබේ.

ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවලියට සහභාගිවීමේ අරමුණින් ඕස්ට්‍රේලියාවට පැමිණි ජොකොවික්ගේ වීසා අවලංගු කිරීමට පසුගිය 06 වැනිදා කටයුතු කළ අතර කෙසේ නමුත් අධිකරණය මගින් එම තීරණය අවලංගු කෙරිණි.

පළමුවර ඔහුගේ වීසා බලපත්‍රය අවලංගු කළේ ඕස්ට්‍රේලියාවට ඇතුළුවීම සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා නොමැති බව පවසමිනි. කොවිඩ් අවදානම හේතුවෙන් පූර්ණ එන්නත්කරණයට ලක් වූ පුද්ගලයන්ට පමණක් එරටට ඇතුළුවීමට අවසර ලබාදීමට තීරණය කර තිබිණි. ජොකොවික් කොවිඩ් එන්නත් මාත්‍රා එකක් හෝ ලබාගෙන නොමැත.

මෙවර වීසා අවලංගු කර තිබෙන්නේ වීසා ඉල්ලුම් කිරීමේදී ඔහු අසත්‍ය තොරතුරු ලබාදුන් බව පවසමිනි. අසත්‍ය තොරතුරු ලබා දුන් බව ඔහු පිළිගෙන ඇති අතර වීසා අවලංගු කළේ ඉන් පසුවයි.

මෙම තීරණයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව ටෙනිස් ශූරයාට හිමිවන අතර කෙසේ නමුත් පිටුවහල්වීමෙන් ගැලවීමට මෙවර ඔහු අසමත් වනු ඇති බවයි ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරන්නේ.

යම් හෙයකින් ඔහුට ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල්වීමට සිදු වුවහොත් වසර තුනක් යනතෙක් නැවත ඕස්ට්‍රේලියාවට පැමිණීමේ අවස්ථාවද අහිමි වනු ඇත.

පසුගිය වසර තුනේදීම ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් කිරුළ දිනාගත් ජොකොවික් මෙවරද එම කිරුළ දිනා ගැනීමේ දැඩි බලාපොරොත්තුවෙන් ඕස්ට්‍රේලියාව වෙත පැමිණියේය.

UN

යළිත් වැඩවර්ජනයක නිරතවීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු මෙහෙයුම් කටයුතුවලින් ඉවත් වන බවයි එම සංගමය පවසන්නේ.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ උප සභාපතිවරයාගේ වැඩ තහනම් කිරීමට දුම්රිය පාලනාධිකාරිය තීරණය කර ඇති අතර මෙම තීරණය අත්තනෝමතික තීරණයක් ලෙසයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසන්නේ. ඒ අනුව උප සභාපතිවරයා යළිත් සේවයේ පිහිටුවන තෙක් වර්ජනය ක්‍රියාත්මක කරන බවද දුම්රිය ස්ථානාධිපතිවරුන් පවසනවා.

මීට පෙරද වර්ජනයක් ක්‍රියාත්මක වූ අතර මේ නිසා දුම්රිය මගීන් දැඩි අපහසුතාවයට ලක්විය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...