ජනතාවට බොරු කරන්න හදපු අයගෙ බොරු එකින් එක හෙලිදරව් වෙනවා – කාදිනල්

Date:

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා මෙරට කතෝලික ජනතාවට අත් වූ අවාසනාවන්ත ඉරණම ඉතිහාසයෙන් මකා දමා අත පිසදා ගැනීමට පාලකයන් කෙතරම් උත්සාහ දැරූවද එම උත්සාහය සාර්ථක නොවන බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්වරයා පවසනවා. පාස්කු ප්‍රහාරය මුස්ලිම් අන්තවාදීන්ගේ ක්‍රියාවක් බවට ලඝු කිරීමට කෙතරම් උත්සාහ ගත්තද දිනෙන් දිනම සත්‍යය හෙලිදරව් වෙමින් තිබෙන බවද කාදිනල්වරයා පවසනවා.

ප්‍රහාරය පිටුපස තිබූ හෙලිදරව් කළයුතු කරුණු යට ගැසීමට උත්සාහ කරන ප්‍රමාණයටම තව තවත් හෙලිදරව් වෙමින් තිබෙන බවත්, යට ගැසීමට ගන්නා උත්සාහය රබර් බෝලයක් දියේ ගිල්වා තැබීමට ගන්නා උත්සාහයක් බවත් සියලුදෙනාම තේරුම් ගතයුතු බවත් අගරදගුරුවරයා සඳහන් කරනවා.

පාස්කු ප්‍රහාරය එල්ල වී දින දහසක් සම්පූර්ණ වීම නිමිත්තෙන් විශේෂ දේව මෙහෙයක් අද පෙරවරුවේ තේවත්ත ලංකා අප ස්වාමි දූ ජාතික බැසිලිකාවේදී පැවති අවස්ථාවේදී කොළඹ අගරදගුරුවරයා මේ බව සඳහන් කළේය. කොච්චිකඩේ සහ කටුවාපිටිය දේවස්ථානවලට එල්ල වූ ප්‍රහාරවලින් මියගිය, තුවාල ලැබූ පුද්ගලයන්ගේ ඥාතීන්, සමීපතමයන් ඇතුළු පිරිසක්ද මෙම දේව මෙහෙය සඳහා සහභාගි වූහ.

මෙම ප්‍රහාරය කුමන්ත්‍රණයක් බව දැන් පැහැදිලිව තහවුරු වන බවත්, ප්‍රහාරය එල්ල වන බව දැන දැනම එය වළක්වා ගැනීමට උත්සාහ නොකළා පමණක් නොව, එම ප්‍රහාරය භාවිතා කරමින් දේශපාලන ජයග්‍රහණ ලබා ගත් බවත් කාදිනල්වරයා සඳහන් කරනවා. එපමණක් නොව ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන් ආරක්ෂා කිරීම සඳහා දැඩි උත්සාහයක්ද ගන්නා බවයි කාදිනල්වරයා පවසන්නේ.

පාස්කු ප්‍රහාරය දඩමීමා කර ගනිමින්, ප්‍රහාරයේ වින්දිතයන්ගේ කඳුළු අලෙවි කරමින්, ඔවුන්ට සාධාරණය ඉටුකර දෙන බවට පොරොන්දු දෙමින් බලයට පත් වූ පුද්ගලයන්ගේ සැබෑ තත්වය දැන් රටටම හෙලිදරව් වී තිබෙන බවද කොළඹ අගරදගුරුවරයා අවධාරණය කරයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...

ජපානයේ ටෝකාරා දූපත් සති දෙකක් තුළ භූමිකම්පා 900 කට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සති දෙක...

මේ බොරුකාර, අකාර්යක්ෂම රජය දුන් පොරොන්දු ඉටු කරන්න බැරිව ජනතාව මංමුලාකරලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල දුර්වල, අකාර්යක්ෂම, බොරුකාර, රැවටිලිකාර වත්මන් රජයේ...

චරිත්ගෙන් නායකත්වයේ ඉණිමක්

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: ශ්‍රී ලංකාව ලකුණු 29...