Sunday, December 3, 2023
spot_img

Latest Posts

නිකරුනේ එහෙ මෙහෙ යන්න එපා තෙල් නෑ – දිනේෂ්

ඉන්ධන අර්බුදයකට මුහුණදෙමින් සිටින නිසා අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකී සිටින්නැයි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඉන්ධන භාවිතය හැකිතරම් අවම කළයුතු බවත්, ඒ හරහා ඩොලර් ඉන්ධන අර්බුදය මෙන්ම ඩොලර් අර්බුදයද විසඳා ගත හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සවයක් අමතමින් ගුණවර්ධන මහතා සඳහන් කළේ රට මුහුණ දී සිටින අර්බුද විසඳා ගැනීම සඳහා ජනතාවගේ සහාය ලැබිය යුතු බවයි.

ශ්‍රී ලංකාව වැනි තෙල් නිෂ්පාදනය නොකරන ඕනෑම රටක් ඉන්ධන අර්බුදයට මුහුණ දිය හැකි බවත් එය ශ්‍රී ලංකාවට පමණක් විශේෂ ප්‍රශ්නයක් නොවන බවත් පෙන්වා දෙන ඇමතිවරයා පවසන්නේ ගතහැකි හොඳම විසඳුම ඉන්ධන භාවිතය හැකිතරම් සීමා කිරීම බවයි. ඒ හරහා රටින් පිටතට ගලා යන ඩොලර් ප්‍රමාණය අවම කරගත හැකි බවද ඔහු පවසනවා.

හැකිතරම් ගමන් බිමන් අඩුකර සෑමවිටම අන්තර්ජාලය හරහා අවශ්‍යතා ඉටුකර ගන්නා ලෙස ඇමතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.