2024 දී වාර්තාගත සංචාරක ඉපැයීමක්!

Date:

කොළඹ LNW:2024 වසරේ දී මෙරට සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය 53.2%කින් ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව 2024 වසරේ දී 2,053,465 ක්වූ සංචාරකයින් ප්‍රමාණයක් මෙරටට පැමිණ ඇති අතර ඒ හරහා ඩොලර් මිලියන 3,168.6 ක ඉපැයීමක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාවට හැකි වී ඇත.

මෙය වාර්ෂික පදනම මත 53.2% ක වර්ධනයක් බවයි මහ බැංකුව පවසන්නේ.

2023 වසරේ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරක ප්‍රමාණය 1,487,303 ක් වන අතර එමඟින් උපයා ඇති සමස්ත ආදායම ඩොලර් මිලියන 2,068 කි.

තවදුරටත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන පරිදි 2024 දෙසැම්බර් මාසයේ සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඩොලර් මිලියන 362.1 ක් ලෙසින් වාර්තා වී තිබෙන අතර 2023 දෙසැම්බර් මාසයේ දී එය සටහන්ව තිබුණේ ඩොලර් මිලියන 269.3 ක් ලෙසිනි.

ඒ අනුව 2024 වන විට සංචාරක කර්මාන්තය ලබා තිබෙන ප්‍රගතිය 2025 වසරේදී තවදුරටත් ඉදිරියට යනු ඇති බවට පුරෝකථන ඉදිරිපත්ව තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Chris Rea ගේ අමරණීය චරිතාපදානය! A life in pictures 

සටහන – පුලී දෙසැම්බර් 25, කොළඹ (LNW):  ඇස් නිලංකාර වන සමාජ...

වසර දෙකකට පසුව බෙත්ලෙහෙමටත් ඔන්න නත්තල්!

සටහන – පුලී දෙසැම්බර් 25, කොළඹ (LNW):  ගාසා තීරය පුරාවට...

මහනුවර පිළිකා සංගමය සඳහා ඉන්දියන් රජයේ පරිත්‍යාගයක්!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW: පිිළිකාවෙන් පීඩිතව ප්‍රතිකර...

සංචාරක පැමිණීමේ වෙනසක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : 2025 වසරේ ගතවූ...