Thursday, March 30, 2023
spot_img

Latest Posts

මහජන උපයෝගිතා කොමිසමේ තීන්දුව කුමක්ද?

මහජන උපයෝගිතා කොමිසම පවසන්නේ හැකි ඉක්මනින් විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳ සිය කොමිසමේ තීන්දුව ප්‍රකාශයට පත්කරන බවයි.

මේ අතර, විදුලි ගාස්තු ඉහළ දැමීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලීමක් කර ඇති බව ද එම කොමිසම සඳහන් කරයි.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ අදාළ ඉල්ලීම පිළිබඳව ඉදිරිපත් වී ඇති දත්ත පරීක්ෂා කර අධ්‍යයනය කරමින් පවතින අතර සිදුකළ යුතු සංශෝධන ඇත්නම් එය විදුලි බල මණ්ඩලය සමග සාකච්ඡා කර ලබන මස 15 වනදා ට ප්‍රථම ප්‍රකාශයක් සිදුකරන බවයි.

ලංකා විදුලි බල මණ්ඩලය පවසන්නේ විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වුව ද එය මෙතෙක් ක්‍රියාත්මක කිරීමට අදාළ නියෝග ලබා දී නොමැති බවයි.

සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසම දැනුවත් කර ඉන් අනතුරුව ලබාදෙන උපදෙස් සහ නියෝග මත වැඩිකළ විදුලි ගාස්තුව අයකර ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බව එහි සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න මහතා පැවසයි.

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.