බලයලත් නියෝජිතයින් පත් කර අවසන්…

මැතිවරණ කොමිෂන් සභාව සියලු දේශපාලන පක්ෂ වෙත දැනුම් දී තිබෙන්නේ අද (15) දිනය තුළ පළාත් පාලන මැතිවරණය සඳහා බලයලත් නියෝජිතයින් පත් කර අවසන් කරන ලෙසයි.

ඒ අනුව මැතිවරණ කොමිෂන් සභවේ සභාපති නිමල් ජී පුංචිහේවා මහතා සඳහන් කළේ අදාළ පත්කිරීම් තේරීම්භාර නිලධාරීන් වෙත යොමු කළ යුතු බවයි.

මේ අතර පළාත් පාලන මැතිවරණය සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ 20ක් පමණ මේ වන විටත් ඇප මුදල් තැන්පත් කර ඇති අතර තවත් පක්ෂ බොහෝ දිස්ත්‍රික්කවල සියලුම පළාත් පාලන ආයතන සඳහා ඇප මුදල් තැන්පත් කර ඇතැයි ආරංචි මාර්ග ලැබී ඇත.

තවද කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධූරය සඳහා සමගි බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව කියයි.

සමගි බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ඒ පිළිබඳව සියලු කැමැත්ත තීරණය කර ඇති බව වාර්තා වේ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඡන්ද 90%ක් ගණන් කර අවසන් – ඊශ්‍රායල මැතිවරණයේ පැහැදිලි ජයග්‍රාහකයෙක් නැහැ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 29: ඊශ්‍රායල මහ...

වැසි තත්වයේ ලොකු වෙනසක් – අද (29) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 29) දිනයේදී බස්නාහිර සහ...

අස්වැසුම නව ක්‍රමවේදය යටතේ පවුල් ලක්ෂ 14ක් ලැයිස්තුවෙන් ඉවතට

සටහන - රුවන් නෙළුගොල්ල "අස්වැසුම" ප්‍රතිලාභීන් තෝරාගැනීමේ වැඩසටහනේ නව ක්‍රමවේදය...

වාහන බදු වංචාවකට වරද පිළිගත්තේ නෑ – ජොනීගෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (28) දිනයේදී කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී...