එකතුවෙනවා නම් වෙන්න ඕනේ හදවතින් මිස පත්තරෙන් නෙවෙයි – එජාප/සමඟි සාකච්ජා ගැන රවීත් කතා කරයි!

Date:

කොළඹ LNW:එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එකතු වීම අවශ්‍යම දෙයක් වුවත් එය සිදුවිය යුත්තේ දෙපාර්ශවයේම ගෞරවය ආරක්ෂා වන පරිදි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පැවසුවේය.

දැනට සිදුවන ක්‍රියාවලිය තුළ එක්කෙනෙක් දෙන්නෙක් මාධ්‍යය ඉදිරියට පැමිණ කරන ප්‍රකාශවලින් දෙපාර්ශවයේ එකතුවට හිතකර තත්ත්වයක් නොපෙන්වන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

සාකච්ජා කර වැරදි නිවැරදි කරගනිමින් බලහත්කාරයෙන් තොරව එකමුතු වීම අවශ්‍ය බව රවී කරුණානායක මහතා කියාසිටියේය.

”අනවශ්‍ය විදිහට වෙන්වීමක් වුණේ. ඒ වෙන්වීම එකතුවෙන්නම අවශ්‍යයි. මහ ජන්දය තුළින් පේනවා එකට ගියා නම් අපි ජයග්‍රහණය කරනවා. වෙන් වූ නිසා තුන්කොන් සටනකින් ප්‍රශ්නයක් ඇතිවුණේ. ඒකාබද්ධ වීම තුළ අවංක විය යුතුයි. මේක නිකරුණේ වචනයක් දාලා එක්කෙනෙක් දෙන්නෙක් එක්සත් ජාතික පක්ෂයට තෘප්තියක් ඇතිවෙන විදිහට කටයුතු කරන්න බැහැ. පක්ෂ දෙකම ඒකේ ගෞරවය රකින්න පුළුවන් වෙන විදිහට තමයි එකතු වීමක් අවශ්‍ය. ඒ විශ්වාසය ඇතිකරන්න ඕනේ. පත්තරවලින් එකතුවීමක් කියල හදවතින් එකතුවෙන්නේ නැත්නම් ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. එක්සත් ජාතික පාක්ෂිකයින් ලක්ෂ ගණන් ඉන්නවා. ඒගොල්ලෝ එදා ජන්දයක් දුන්නේ නැත්තේ යම්විදිහකින් ඒ අයට අමනාපයක් තිබ්බා මේ යන විදිහ හරි නෑ කියල. එක්සත් ජාතික පක්ෂය සජබ එකතු වීම අවශ්‍ය දෙයක් වගේම එය ගෞරවයෙන් කළ යුතු දෙයක් මිස බලහත්කාරයෙන්, ඒ පක්ෂයෙන් මිනිස්සු උස්සන එක වගේ කටයුතු කිරීමක් වගේ ප්‍රකාශවලට මම එකඟ වෙන්නේ නැහැ. එක්කෙනෙක් දෙන්නෙක් මාධ්‍යට ඇවිත් කරන ප්‍රකාශ තුළ හිතකරභාවයක් තියෙනවා කියල මම හිතන්නේ නැහැ. පාර්ලිමේන්තුව තුළ ඒ අයත් එක්ක සාකච්ජා කරලා වැරදි නිවැරදි කරගෙන දෙකේම තියෙන ශක්තිය පාවිච්චි කරන්නේ කොහොමද කියන එක තමයි බලන්න තියෙන්නේ.” යනුවෙන් මන්ත්‍රීවරයා තවදුරටත් සඳහන් කරන ලදී.

ඔහු මෙම අදහස් දක්වා සිටියේ අද (16) දින කොළඹදී රටේ වර්තමාන තත්ත්වය පිළිබඳ මාධ්‍යයට ප්‍රකාශයක් ලබාදුන් අවස්ථාවේදීය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චාර්ල්ස් රජුගේ ප්‍රධාන උපදේශක මහාචාර්ය මුහම්මද් යූනුස් “Harmony Award 2025” සම්මානයෙන් පිදුම් ලබයි!

සටහන – පුලීජූනි 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ...

හෙට දකින උළෙලක අදට වඩා වටිනාකමක් දී දැකිය යුතු ප්‍රතිපල

නිශ්මං රණසිංහ ජුනි 16, කොළඹ LNW: මීටර් 400 කඩුලු ඉසව්ව...

ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම වේගවත් කිරීමට ට්‍ර්ම්ප්ගෙන් නියෝග

සටහන: සශිකලා මධුෂාණිජුනි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

අපේ කණ්ඩායමේ කළු බැටළුවෝ ඉඳල තියෙනවා – පැරදුණු රීසා සරූක් කියන කතාව

කොළඹ LNW: කොළඹ මහ නගර සභාවේ පුරපති සටන වෙනුවෙන්...