Saturday, June 3, 2023
spot_img

Latest Posts

ජොකොවික් පිටුවහල් කරයි – ඩුබායි ගුවන් යානයකට නගී

සුපිරි ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවික් ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කර තිබෙනවා. මෙල්බර්න් සිට ඩුබායි බලා ගමන් ගන්නා ගුවන් යානයකට ඔහු ගොඩවී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට සහභාගිවීම සඳහා මෙල්බර්න් නගරයට පැමිණි ජොකොවික්ගේ වීසා අවලංගු කිරීමට ඔස්ට්‍රේලියානු බළධාරීන් පියවර ගත් අතර ඒ, වීසා අයදුම් කිරීමේදී අසත්‍ය තොරතුරු ලබා දී ඇති බව පවසමිනි. ඊට එරෙහිව ජොකොවික් අභියාචනයක් ඉදිරිපත් කළ නමුත් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් අධිකරණය එම අභියාචනය ප්‍රතික්ෂේප කළේය.

ඉන් අනතුරුව ජොකොවික් ප්‍රකාශ කළේ අධිකරණ තීරණයට ගරු කරමින් ඔස්ට්‍රේලියාවෙන් පිටවීමට සූදානම් බවයි.

අවසන් වරට පැවති ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලි තුනේදීම ශූරතාවය දිනාගත් ජොකොවික්ට තවත් වසර තුනක් යනතුරු ඔස්ට්‍රේලියාවට පැමිණීමේ අවස්ථාව අහිමි වෙනවා.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.