ජොකොවික් පිටුවහල් කරයි – ඩුබායි ගුවන් යානයකට නගී

Date:

සුපිරි ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවික් ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කර තිබෙනවා. මෙල්බර්න් සිට ඩුබායි බලා ගමන් ගන්නා ගුවන් යානයකට ඔහු ගොඩවී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට සහභාගිවීම සඳහා මෙල්බර්න් නගරයට පැමිණි ජොකොවික්ගේ වීසා අවලංගු කිරීමට ඔස්ට්‍රේලියානු බළධාරීන් පියවර ගත් අතර ඒ, වීසා අයදුම් කිරීමේදී අසත්‍ය තොරතුරු ලබා දී ඇති බව පවසමිනි. ඊට එරෙහිව ජොකොවික් අභියාචනයක් ඉදිරිපත් කළ නමුත් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් අධිකරණය එම අභියාචනය ප්‍රතික්ෂේප කළේය.

ඉන් අනතුරුව ජොකොවික් ප්‍රකාශ කළේ අධිකරණ තීරණයට ගරු කරමින් ඔස්ට්‍රේලියාවෙන් පිටවීමට සූදානම් බවයි.

අවසන් වරට පැවති ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලි තුනේදීම ශූරතාවය දිනාගත් ජොකොවික්ට තවත් වසර තුනක් යනතුරු ඔස්ට්‍රේලියාවට පැමිණීමේ අවස්ථාව අහිමි වෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගුවනින් ආ රුසියානු ආධාර: ජංගම විදුලි බලාගාරයකුත් ඒ අතර

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ආපදා තත්ත්වයට ආධාර...

ආපදාව අස්සේ දුරකථන සම්ප්‍රේෂණ කුලුනුවල සවිකර තිබූ කේබල් සොරකම් කරලා..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ආපදාවට පත් ප්‍රදේශවල...

ගංගා සාමාන්‍ය තත්ත්වයට – ගංවතුර ඇඟවීම් ඉවත් කරයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අනතුරු ඇඟවීම් කරන ලද ගංගා ද්‍රෝණි...

ඇයි මේ සයිරන් ගහන්නේ එවන්නකො SMS එකක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමේදී පැරණි...