යුරෝපය සමඟ ආර්ථික හා වෙළෙඳ සබඳතා තවත් ශක්තිමත් කිරීමට බ්‍රිතාන්‍යය සැලසුම් කරයි

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 21 :
යුරෝපා සංගමය (EU) සමඟ වෙළෙඳ, ආර්ථික හා සංචාරක සබඳතා ශක්තිමත් කිරීම සඳහා නව එකඟතාවකට පැමිණීමෙන් අනතුරුව, එම සංගමය සමඟ තවදුරටත් සමීප සබඳතා ගොඩනැඟීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා කිරීමට බ්‍රිතාන්‍යය සූදානම් වන බව අගමැති ඇන්ඩි බර්න්හැම් ප්‍රකාශ කර තිබේ.

බ්‍රසල්ස් නුවර පැවැති බ්‍රිතාන්‍ය–යුරෝපා සංගම් සමුළුවේදී මෙම එකඟතාවන්ට එළැඹ ඇති අතර, බ්‍රෙක්සිට් (Brexit) ක්‍රියාවලියෙන් අනතුරුව දෙපාර්ශ්වය අතර පළුදු වූ සබඳතා යළි ශක්තිමත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබේ.

ඒ අනුව කෘෂිකාර්මික හා ආහාර නිෂ්පාදන වෙළෙඳාමට අදාළ දේශසීමා පරීක්ෂණ සහ ලේඛන කටයුතු අවම කිරීම, කාබන් විමෝචන වෙළෙඳ පද්ධති සම්බන්ධ කිරීම සහ තරුණ තරුණියන්ට දෙපාර්ශ්වයේම රටවල රැකියා හා අධ්‍යාපන අවස්ථා ලබාදීම සම්බන්ධයෙන් එකඟතා ඇති කරගෙන ඇත.

විශේෂයෙන්ම වයස අවුරුදු 18ත් 31ත් අතර තරුණ තරුණියන්ට වසර තුනක් දක්වා කාලයක් අනෙක් පාර්ශ්වයේ රට තුළ සංචාරය කිරීමට, රැකියාවල නිරත වීමට සහ අධ්‍යාපනය ලැබීමට අවස්ථාව සැලසීමට යෝජනා වී තිබේ. ඒ සඳහා දෙපාර්ශ්වයෙන්ම වාර්ෂිකව පුද්ගලයන් 100,000 බැගින් අවස්ථා ලබාදීමට නියමිතය.

මෙම ගිවිසුම් ක්‍රියාත්මක කිරීමෙන් බ්‍රිතාන්‍ය ආර්ථිකයට වාර්ෂිකව පවුම් බිලියන 17ක් දක්වා ආර්ථික ප්‍රතිලාභයක් ලැබිය හැකි බවට එරට භාණ්ඩාගාරය ඇස්තමේන්තු කර ඇති අතර බ්‍රෙක්සිට් ක්‍රියාවලියෙන් වසර දහයකට පසුව දෙපාර්ශ්වය අතර සබඳතා යළි ගොඩනැඟීමේ මෙම පියවර වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකේ. ඉදිරි මාස කිහිපය තුළ බ්‍රිතාන්‍යය සහ යුරෝපා සංගමය අතර දිගුකාලීන සබඳතාවල අනාගතය පිළිබඳව තවදුරටත් අදහස් හුවමාරු කරගැනීමට ද නියමිතය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රොටුඹ අමිල සහ සංජය මහවත්ත එකම ගුවන් යානයෙන් ලංකාවට

රුසියාවෙන් මෙරටට පිටුවහල් කරන ලද සංවිධානත්මක අපරාධකරුවකු වන අමිල...

වාහන ලීසිං නීති දැඩි කෙරේ. තක්සේරු සම්බන්ධ අලුත්ම නියෝගය මෙන්න !

වාහන සඳහා ණය ලබා දීමේ දී ශ්‍රී ලංකා මහ...

ඉදිරි දින කිහිපයේදී වැසි තත්වයේ වෙනසක් – අද (21) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල...

හිස් අයවැයක්. පුස් අයවැයක්. ජනාධිපතියි 159යි නම් පොහොසත් වෙලා, ජනතාවට ඒ භාග්‍ය නෑ – සජිත්

ජනාධිපතිවරයාට සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 159 දෙනාට...