ඉදිරි දින කිහිපයේදී වැසි තත්වයේ වෙනසක් – අද (21) කාලගුණය

සටහන – රුවන් නෙළුගොල්ල

ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, අද (නොවැම්බර් 21) දිනයේදී බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. ඇතැම් ස්ථාන වලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිස් අයවැයක්. පුස් අයවැයක්. ජනාධිපතියි 159යි නම් පොහොසත් වෙලා, ජනතාවට ඒ භාග්‍ය නෑ – සජිත්

ජනාධිපතිවරයාට සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 159 දෙනාට...

අපි තමයි IMF වැඩසටහන හොඳටම කරේ. ඔය විදේශ රටවල නායකයොත් හම්බුණු ගමන් ඒ ගැනමයි අහන්නේ – ඇමති බිමල්

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග මේ ක්‍රියාත්මක කරන්නේ...

Takata නිෂ්පාදිත වල දෝෂයක්: ටොයෝටා වාහන නැවත කැඳවයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW: ටොයෝටා සමාගම විසින් ඇමරිකා...

අයවැය දෙවන වර කියවීම වැඩි ජන්ද 97කින් සම්මතයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2027 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද...