වාහන ලීසිං නීති දැඩි කෙරේ. තක්සේරු සම්බන්ධ අලුත්ම නියෝගය මෙන්න !

වාහන සඳහා ණය ලබා දීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුන්වාදී තිබූ වාහනයේ වටිනාකම මත ලබා දෙන ණය අනුපාතිකය (loan to value ratio) සම්බන්ධ මාර්ගෝපදේශ මගහරිමින්, ඇතැම් බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන තම ගණුදෙනුකරුවන් හට අනිසි ආකාරයෙන් සිදුකරනු ලබන ණය ලබා දීම් වැළැක්වීම සඳහා බැංකු සහ මූල්‍ය ආයතන වෙත නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ඒ අනුව,

ලියාපදිංචි නොකළ අලුත් (Brand-New) වාහන: බලයලත් අලෙවි නියෝජිතයකු නිකුත් කරන බදු ඉන්වොයිසියේ (Tax Invoice) සඳහන් අවසන් ගෙවිය යුතු මිල මත වාහනයේ වටිනාකම

විදෙස් රටවල භාවිතා කළ වාහන (Reconditioned): ආනයනකරු නිකුත් කරන බදු ඉන්වොයිසියේ (Tax Invoice) සඳහන් අවසන් ගෙවිය යුතු මිල හෝ රේගු නිෂ්කාශනයේදී සලකා බලන ලද වටිනාකම

ලියාපදිංචි කළ වාහන: වෘත්තීයමය තක්සේරුකරුවකු විසින් නිකුත් කරන ලද තක්සේරු වාර්තාව

පදනම් කරගනිමින් වාහනයේ වටිනාකම මත ලබා දෙන ණය මුදල ගණනය කළ යුතුව ඇත.

2026 නොවැම්බර් 10 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම චක්‍රලේඛය නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය සී. අමරසේකර මහතා,

“අපි දැක්කා සමහර බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන, අපි ඉස්සෙල්ලා introduce කරපු loan to value ratio එක, එක එක විදිවලින් මගහැරලා ණය දෙන්න, එක එක ක්‍රම පාවිච්චි කරනවා. එක ක්‍රමයක් තමයි valuation වෙනස් කරන එක. ඒක නිසා අපි ඒක formalize කරන්න කරපු දෙයක් මේ අලුත් circular එක. ඒකෙන් අපි කියලා තියෙන්නේ මම හිතන්නේ ලොකුම වෙනස් කම තමයි brand new vehicles වලට අන්වාර්යෙන් Tax invoice එක මත පදනම් කරගෙන Tax invoice එකේ තියන value එක මත පදනම් කරගෙන තමයි loan to value ratio එක මත ණය ප්‍රමාණය තීරණය වෙන්න ඕන කියන එක”

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා,

“අපිට පැමිණිලි ලැබිලා තියනවා, විශේෂයෙන්ම සමහර ආයතන විසින් අර value එකෙන්නේ වටිනාකම අරගෙන ණය දෙන්නේ. ඒ වටිනාකම නියමිත වටිනාකම නෙවෙයි. ඊට වඩා වැඩිපුර අධිතක්සේරු කළ වටිනාකමක් පෙන්වලා, ඒකෙන් වැඩිපුර ණය ගන්නවා කියන එක. ගන්න කෙනාටත් අවදානමක්, ණය දෙන කෙනාට විදියට බැංකුවටත් ඒක අවදානමක්. එතකොට ඒක වැලැක්වීම සඳහා තමයි මේක අරගෙන ආවේ. විශේෂයෙන් අධිතක්සේරු කරලා අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර ණය ගැනීම වැළැක්වීමට තමයි ඒක ගෙනාවේ. ඒක මොටර් රථවලට පළමුවත්, තව එක දිගටම තිබුනොත් අනිත් ඒවටත් ගේන්න බලාපොරොත්තු වෙනවා”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉදිරි දින කිහිපයේදී වැසි තත්වයේ වෙනසක් – අද (21) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල...

හිස් අයවැයක්. පුස් අයවැයක්. ජනාධිපතියි 159යි නම් පොහොසත් වෙලා, ජනතාවට ඒ භාග්‍ය නෑ – සජිත්

ජනාධිපතිවරයාට සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 159 දෙනාට...

අපි තමයි IMF වැඩසටහන හොඳටම කරේ. ඔය විදේශ රටවල නායකයොත් හම්බුණු ගමන් ඒ ගැනමයි අහන්නේ – ඇමති බිමල්

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග මේ ක්‍රියාත්මක කරන්නේ...

Takata නිෂ්පාදිත වල දෝෂයක්: ටොයෝටා වාහන නැවත කැඳවයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW: ටොයෝටා සමාගම විසින් ඇමරිකා...