Harmony Center වෙතින් නවමු ඇරඹුමක්!(PHOTO STORY)

Date:

කොළඹ LNW:ටික කලෙක විරාමයකින් පසු Harmony Center සංස්කෘතික අවකාශය පසුගිය දා නැවත වැඩ ඇරඹුවේ විශාල ‌සහෘද ප්‍රේක්ෂක ජනකායක් සමඟින්.

ජනවාරි 5 දා හැන්දෑවේ No Names Collective සංගීත කණ්ඩායම සමඟ සංයෝජනය වූ රංගවේදී ප්‍රියන්ත සිරිකුමාර සමාජ සංවාද තලයකට මග විවර කළා. ජනප්‍රිය සුගායක නදීක ජයවර්ධනගේ ඉමිහිරි ගී ගැයුම ප්‍රේක්ෂාව ගෙන ගියේ සිතිවිලි සීතල ඉසව්වකටයි.

No Names Collective සුපුරුදු පරිදි සිය ගවේෂණාත්මක ගී අත්හදාබැලීම් කිහිපයක් සහෘදයන් වෙත ඉදිරිපත් කළ අතර ඔවුන් ඒවා භාරගත්තේ දැඩි උද්යෝගීවයි. ප්‍රශ්නයක් ඇයි ප්‍රශ්නයක් වුණේ යනුවෙන් ඔවුන් ඉදිරිපත් කළ නිර්මාණය පදරචනාමය නවමු බවක් එක් කළ එකක් වුණා.

පසුව ඇති වුණ සංවාදය ඉතා හරබර බරසාර වූ අතර විවේකී සති අන්තයේ සාමාන්‍යයෙන් එවැනි වැඩසටහනකට සහභාගි නොවෙන තරම් ප්‍රමාණයේ පිරිසක් සහභාගි වීම කැපී පෙනෙන සිදුවීමක්.

මෙම සංවාදය සෙන්ටරයෙන් එළියට ගෙන ගොස් මහජනතාව අතරට ගෙන යෑමට ඔවුන් වෑයම් කරන බව සැළවෙන අතර එළැඹෙන ජනවාරි 19 දා මහරගම පොලේ වැඩසටහන සූදානම් වන බවද කියැවෙනවා.

ජයාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිවිල් ක්‍රියාකාරී හා ජනමාධ්‍යවේදියෙකු විසින් CID වෙත ආන්දෝලනාත්මක පැමිණිල්ලක්!

සිවිල් ක්‍රියාකාරී හා ජනමාධ්‍යවේදී කැලුම් අමරසිංහ විසින් අද අපරාධ...

තවත් ප්‍රමාද නොවී විගණකාධිපතිවරයෙක් පත් කරන්න – මුදල් කාරක සභාවේ සභාපති ජනපතිගෙන් ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ තවදුරටත් ප්‍රමාදයකින් තොරව විගණකාධිපතිවරයෙක් පත්කරන ලෙස මුදල් කාරක...

දිට්වා ආපදාවෙන් මහනුවර පුද්ගලයන් එක්ලක්ෂ අසූහය දහසකට පීඩා!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව හේතුවෙන්...

Zootopia 2 හි ගැරීගේ ආගමනය සමඟින් නිල් පාට උරගයින්ට චීනයෙන් බේරිල්ලක් නෑලු!

සටහන – පුලී දෙසැම්බර් 24, කොළඹ (LNW):  මෑතකදී කරළියට ආ...