2025 වසරේ ලොව සංචාරය කිරීමට හොඳම ස්ථාන 25 අතරට ශ්‍රී ලංකාවත්!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 17, කොළඹ (LNW):

මෙම වසරේ සංචාරය කිරීමට හොඳම ස්ථාන 25 අතරට ශ්‍රී ලංකාවද නම් කර තිබෙන බව බී.බී.සී වෙබ් අඩවිය පවසයි. ඒ අනුව එම ලැයිස්තුවේ ශ්‍රී ලංකාව පසුවන්නේ 09 වන ස්ථානයේයි.

ජනමාධ්‍යවේදී ක්ලෙයාර් ටරල් ශ්‍රී ලංකාව ගැන විස්තර කර ඇත්තේ, මීදුමෙන් වැසීගිය කඳු මුදුන්, තේ වතු, පුරාණ විහාරස්ථාන, වන අලි සහ සර්ෆින් ක්‍රීඩාව පවතින ශ්‍රී ලංකාව අවශ්‍ය සියල්ලෙන් සපිරුණු රටක් බවයි. ලොව පුරා සංචාරකයින්ට වසරේ පළමු මාර්ගෝපදේශය නිකුත් කරමින් බී.බී.සී වෙබ් අඩවිය මෙම ශ්‍රේණිගත කිරීම ඉදිරිපත් කරනු ලැබ ඇත.

මෙම ස්ථාන 25 සංචාරකයින් සාදරයෙන් පිළිගන්නවා පමණක් නොව ඔවුන්ට අද්විතීය සංචාරක අත්දැකීමක් පිරිනමන බවද බී.බී.සී වෙබ් අඩවිය සඳහන් කළා.

එමෙන්ම මෙම ස්ථාන දේශීය ප්‍රජාවට සහාය වීමට, පරිසරය ආරක්ෂා කිරීමට හෝ ඔවුන්ගේ අද්විතීය සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීමට සංචාරක කර්මාන්තය යොදා ගන්නා බවද බී.බී.සී වෙබ් අඩවිය පෙන්වා දී ඇත.

මෙම ශ්‍රේණිගත කිරීමේ ප්‍රථම ස්ථානය ඩොමිනිකාවටත්, දෙවැනි ස්ථානය ජපානයේ නාඕෂිමාවටත්, තෙවැනි ස්ථානය ඉතාලියේ ඩොලොමයිට්ස් කඳුකරයටත් හිමිව ඇති බව සඳහන් වේ. මෙහි අවසන් ස්ථානයේ පසුවන්වෙන් නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ අගනුවර බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Trendy Thursday: 2026 සරත් සෘතුවේ NYFW විලාසිතා ආකරයේ හයිලයිට්ස්!

සටහන – පුලී පෙබරවාරි 12, LNW (කොළඹ): විලාසිතා ලොවේ අති උත්කර්ෂවත්...

ට්‍රම්ප්ගෙන් බිඳී, එක්සත් ජනපද මන්ත්‍රී මණ්ඩලය කැනඩාවේ තීරුබදු අවසන් කරන පනතක් සම්මත කිරීමට ඡන්දය දෙයි…

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කැනඩාව මත පනවා...

ජනනි රනින්,බුද්ධික රිදියෙන් ලක්මව සරසයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ලෝක...