2025 වසරේ ලොව සංචාරය කිරීමට හොඳම ස්ථාන 25 අතරට ශ්‍රී ලංකාවත්!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 17, කොළඹ (LNW):

මෙම වසරේ සංචාරය කිරීමට හොඳම ස්ථාන 25 අතරට ශ්‍රී ලංකාවද නම් කර තිබෙන බව බී.බී.සී වෙබ් අඩවිය පවසයි. ඒ අනුව එම ලැයිස්තුවේ ශ්‍රී ලංකාව පසුවන්නේ 09 වන ස්ථානයේයි.

ජනමාධ්‍යවේදී ක්ලෙයාර් ටරල් ශ්‍රී ලංකාව ගැන විස්තර කර ඇත්තේ, මීදුමෙන් වැසීගිය කඳු මුදුන්, තේ වතු, පුරාණ විහාරස්ථාන, වන අලි සහ සර්ෆින් ක්‍රීඩාව පවතින ශ්‍රී ලංකාව අවශ්‍ය සියල්ලෙන් සපිරුණු රටක් බවයි. ලොව පුරා සංචාරකයින්ට වසරේ පළමු මාර්ගෝපදේශය නිකුත් කරමින් බී.බී.සී වෙබ් අඩවිය මෙම ශ්‍රේණිගත කිරීම ඉදිරිපත් කරනු ලැබ ඇත.

මෙම ස්ථාන 25 සංචාරකයින් සාදරයෙන් පිළිගන්නවා පමණක් නොව ඔවුන්ට අද්විතීය සංචාරක අත්දැකීමක් පිරිනමන බවද බී.බී.සී වෙබ් අඩවිය සඳහන් කළා.

එමෙන්ම මෙම ස්ථාන දේශීය ප්‍රජාවට සහාය වීමට, පරිසරය ආරක්ෂා කිරීමට හෝ ඔවුන්ගේ අද්විතීය සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීමට සංචාරක කර්මාන්තය යොදා ගන්නා බවද බී.බී.සී වෙබ් අඩවිය පෙන්වා දී ඇත.

මෙම ශ්‍රේණිගත කිරීමේ ප්‍රථම ස්ථානය ඩොමිනිකාවටත්, දෙවැනි ස්ථානය ජපානයේ නාඕෂිමාවටත්, තෙවැනි ස්ථානය ඉතාලියේ ඩොලොමයිට්ස් කඳුකරයටත් හිමිව ඇති බව සඳහන් වේ. මෙහි අවසන් ස්ථානයේ පසුවන්වෙන් නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ අගනුවර බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‍ලොක්කියන් අභිබවා පෙරමුණ ගත් බට්ටි

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: ලාංකේය ක්‍රිකට් ලෝලීන්ගේ නොමද...

රියැලිටි කලාවේ නව මුහුණු කිහිපයක් එන්නට හෝරා කිහිපයකට මත්තෙන්!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : රියැලිටි සංගීත කලාවේ තවත් චමත්කාර ජනක හෝරා දෙකක් නැරඹීමේ අවස්ථාවක් රූපවාහිනී ප්‍රේක්ෂකයන්ට උදාවෙයි. ඒ, මේ මස 17 වෙනි සෙනසුරාදා රාත්‍රී 7.30ට දෙරණ රූපවාහිනී නාලිකාවෙන් විකාශනය වනදෙරණ ඩ්‍රීම් ස්ටාර් අදියර 12 අභිෂේක මංගල්‍ය නිසාය. මෙවර ඩ්‍රීම් ස්ටාර්කිරුල සඳහා යොවුන් ගායකයන් දෙදෙනෙකුත්, යොවුන් ගායිකාවකු...

නේපාලය ඉදිරියේ අවාසනාවන්ත පරාජයක්!

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: දකුණු ආසියාතික ෆුට්සාල් තරගාවලියේ...

කඳුකර දෙමළ ජනතාව යළි යළිත් සිය අයිතිවාසිකම් ඉල්ලයි.පොංගල් ද කොළඹට! (PHOTOS)

කොළඹ LNW:සුභ තෛපොංගල් උත්සවය සනිටුහන් කරමින්, ශ්‍රී ලංකාවේ මලයියාහ...